කොන්ඩේ ඉක්මනට වවාගන්නේ කොහොමද?

කොන්ඩේ ඉක්මනට වවාගන්නේ
කොන්ඩේ ඉක්මනට වවාගන්නේ

කොන්ඩේ ඉක්මනට වවාගන්නේ කොහොමද?

පට්ට හෙයාර් ස්ට්යිල් එකක් දැක්කද? නියමයි! හැබයි කරන්න නම් කොන්ඩේ වවන්න ඕනේද? එහෙනම් ඉතින් ඉවසලා බලන් ඉන්න වෙනවා ඕන ගානට ඕක වැවෙනකන්.වෙන මොනවා කරන්නද? මොකක් හරි පෙත්තක් වත් ගහල බලනවද? එපා. ඔය මොන සෙල්ලම් දැම්මත් සාමානයෙන් මාසෙකට කොන්ඩේ වැවෙන්නේ අඟල් භාගයක් වගේ.එක නිසා හොදම දේ පුලුවන් තරම් ඉබේම ඔකට වැවෙන්න ඉඩ දෙන එක.හැබයි එක දෙයක් කරන්න පුලුවන්, කොන්ඩේ වැවෙන එක අඩුකරන දෙවල් කරන එක අඩු කරොත් නම් කොන්ඩේ වේගයෙන් වවාගන්න පුලුවන් බ්රෝ.

 

ටිප් නමබර් වන් – ජරාව කන්න එපා.

අතට අහුවෙන හැමදේම ,ලස්සනට පේන හැමදෙම කන්න පුරුදු වෙලා ඉන්නවා නම්(කෑම ගැන මේ කියන්නේ වෙන එවා නෙමෙයි) කොන්ඩේ ඉක්මනට වැවෙන එක අමතක කරලා වෙන වැඩක් බලාගනින්.හැබයි එහෙම නැතුව මෙන්න මේ විදියට කරොත්,

 

අනුග්‍රාහකත්වය

වතුර – දවසට ලිටර් 1.5ත් 2ත් අතර ගානක් වතුර බොන්න පුලුවන් නම්(රස්නේ දවස් වලදී හරි එක්සර්සයිස් කරනවා නම් හරි වැඩි උනත් කමක් නෑ) හිසේ තියෙන සම වෙලෙන එක අඩු කරගන්න පුලුවන් නිසා වැඩේ ගොඩ.

 

ප්‍රෝටීන් – කොන්ඩේ හැදෙන්න මෙව්වා පට්ට වැදගත්.කොන්ඩේ හදාගන්න දගලන කාලේදී අඩුම ගානේ ග්‍රැම් 120ක වත් මස් කන්න පුලුවන් නම් වැඩේ ගොඩ.ඔය වෙජි බ්රෝ ලා සෙට් එක එකට හරියන්න ඇට වර්ග,ධානය වර්ග වලින් කියපු ගානට පොඩ්ඩක් වැඩියෙන් කාලා ශේප් කරගන්න.

 

බයෝටීන් – කෙස් වැවෙන්න ඕන තවත් සීන් එකක් ,මෙකෙන් වෙන්නේ කෙස් ගහේ එලිය හොදින් හැදෙන එකලු.කොහොමහරි සැමන්,බෙල්ලො,ඇලිගැටපේර,ඇට වර්ග (මේ කියන්නේ ධානය වර්ග ගැන – කව්පි,මුංඇට,) කන්න පුලුවන් නම් එකත් ගොඩ.

 

විටමින් සී –  මෙක දැකපු ගමන් බ්රෝ.. දැන් ගෙනල්ලා තියෙන විටමින් සී පෙති ටික බොනවා නෙමෙයි එක හුසමට.ඉක්මනට අඩි හයක් පොලවේ පහලට යන්න ඔවමනාවක් නෑනේ අපි කාටවත්.එක නිසා පට්ට කොන්ඩෙකට සහ හමකට කරන්න තියෙන්නෙ දොඩම් වර්ග හරි ,බතල හරි ,රතු මිරිස් පොඩ්ඩක් වැඩිපුර කන එක.මේකියපු දෙවල් උදේ පාන්දර කන්න පුලුවන් නම් බ්රෝ.එකෙන්ම ක්‍රිකට් ටිම් එකට වඩා කොන්ඩේ වවාගන්න එක ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන්.

 

ටිප් නම්බර් ටූ – ගැහි ගැහි නාන්න එපා යකු.

 

කොන්ඩේ වවාගන්න ඕනේම නම් , සීතලේ ගැහි ගැහි නාන පුරුද්ද නැතිකරගනින් බ්රෝ,මේකට හෙතුව තමයි හරි ලේ ගමන් කිරීම පොඩ්ඩක් අවහිර වෙන එක..එ වගේම ඔය රෑට නාන්න එපා කියන්නේත් ඔය සීන් එක නිසාම තමයි.දැන් එහෙම හිතලා ගිනියම් වතුරෙන් නාන්න යන්නත් එපා බ්රෝ.එක ඊට හපන්.මද රස්නේ වතුරෙන් නාන්න බලන්න.හැබයි චොයිස් එකක් නැත්තන් කූල් වතුරෙන් ඔලුව හොදන්නේ නැතුව ඉන්න බලන්න.

 

ටිප් නමබ්ර් ත්‍රී – ශැම්පු හොඳයි,කන්ඩිශනර් හොඳාආආආආආයි.

 

හැමදාම ශැම්පු ගාන එක බ්රෝ එච්චර හොද දෙයක් නෙමෙයි.එකෙන් කොන්ඩේ වියලි ගතිය වගේම කැඩෙන ගතියත් වැඩිවෙන්න පුලුවන්.එ වගේම හොදම් දේ ශැම්පූ එකේ තියෙන සල්ෆේට්,ඩිටර්ජන්ට්ස් ලෙවල් එක වැඩි නම් එක පාවිච්චි නොකර ඉන්න එක.එවලින් හිසේ තියෙන ස්බාවික තෙල් අයින් කරන නිසා.මේ තෙලට හැමෝම කැමති නැති උනාට කොන්ඩේ සොෆ්ට් එකට සහ ශයින් එකට තියෙන්නේ මේකෙන් තමයි.

 

හැමදාම පාවිච්චි කරනවා නම කරන්න ඕනේ හොඳ කන්ඩිශනර් එකක්,එකෙන් කෙස් වල අග කැඩෙන එක,පැලෙන එක අඩු වෙනවා බ්රෝ.එ වගේම අර කලින් කිව්ව තෙල රැකගන්න කන්ඩිශනර් උදව් වෙනවා.හැබයි බ්රෝ වැක්ස් එහෙම ඔලුවේ ගානවා නම් කන්ඩිශනර් එක එක්ක පාවිච්චි කරන්න එපා.හේතුව එකෙන් එතකොට ඔන්ඩේ සිහින්,උදාසීන ලුක් එකක් ලැබෙන නිසා.හැබයි ඉතින් මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ තමන්ගේ කැමැත්තටනේ.ටෙස්ට් කරලා බලන්න වැඩේ හරියනවා නම් ගොඩ.

 

ටිප් නම්බර් ෆෝ – තෙත් උනාම අත දාන්න එපා.

 

වෙනමොනවත් ගැන නෙමෙයි, මේ කියන්නේ නැවට පස්සේ කොන්ඩේ තෙත පිටින් පීරන්න එපා කියන එක.අඩුගානේ වෙලෙනකන් අතින්වත් අදින්න කරන්න පීරන්න හදන්න යන්න එපා බ්රෝ.හෙතුව වෙන්නේ තෙත් උනාට පස්සේ ඕක කැඩෙන්න බලන එක.එ කිව්වේ කොන්ඩේ ගැලවෙන්න හැකියාවා තෙත් උනාම වැඩි නිසා මුලින්ම කරනවා වගේ තුවායෙන් පිහිදාලා පස්සේ පීරන එකට.තුවායෙන් පිහිදානවා කියලා මරන් කන්න වගේ තෙත් උනඕක පිහිදාන්න ගියොත් වෙන්නේ ආයෙත් කැඩෙන එක.ඒ නිසා ගානකට පිහිදාලා වෙලගන්න බ්රෝ.

 

ටිප් නමබ්ර් ෆයිව් – වැඩේ කරාද?

 

තෙත් උනාට පස්සේ අත දාන්න එපා කිව්වට මේ වැඩේ කරේ නැත්තන් වෙන වෙන තැන් වලටත් බලපානවා බ්රෝ.එක නිසා හොදම දේ දහඩිය දාන තරමට දවසකට එක්සසයිස් කරන එක.එකෙන් ලේ ගමනාගමනය බස් ගමනාගමනය වගේ සට්යික් නොකර හොඳින්ම වෙලා කොන්ඩේ වැවෙන එක වේගවත් වෙනවා.හැබයි ඉතින් අඩුම ගානේ පැය බාගයක් වත් බොක්කෙන්ම වැඩේ කරන්න වෙනවා.එ වගේම පොඩි වෙලවාවක් අරන් හිස්කබල මසාජ් කරගන්න බලන්න.හැබයි අර හන්දියේ බාබර් අයියා දාන මසාජ් දැම්මොත් පුති කොන්ඩේ තියා ඔලුවවත් ඉතුරුවෙන එකක් නෑ.

 

ටිප් නමබ්ර් සික්ස් – නයිට් ඩියුටිද?

 

එලිවෙනවකන් හැමදාම රෑ එෆ්බී එකෙද ? නැත්තන් ෆිල්ම් හරි ටිවී සිරීස් බලනවද? එහෙමත් නැත්තන් ගේ වටේ මල් කඩනවද? උත්තරේ ඔව් නම් බ්රෝ කොන්ඩේ වවාගන්න පොඩ්ඩක් කල් යයි.හෙතුව අඩුම ගානේ පැය 7ක් 8ක් අතර ගානක නින්දක් නැත්තන් අපේ බොඩි එකේ රිපෙයාර් කරන්න වෙලාව මදි වෙන නිසා එක හෝමොන වලට බලපාලා පස්සේ කොන්ඩේට බඩේ පාර වදින එක.එක නිසා හොදට එක්සයිස් කරලා හොදට නිදාගන්න බලන්න කොන්ඩේ ඉක්මනට වවාගන්න ඕනේ නම්.

 

ටිප් නමබ්ර් සෙවන් – හිතන්න එපා.

 

තව වැඩ තියෙනවද? අද ට්‍රේන් එක නැතිවෙයිද? බස් ස්ට්ර්යික් කරයිද ? කෙල්ල බූට් එක තියයිද? මේ මාසෙත් පඩි එනකන් රෝලක් ගහන්න වෙයිද? එක්සැම් එක කෙලවෙයිද?  ඉනටවිව් එක පාස්වෙයිද? එකී නොකී මෙකී ඔක්කොම දෙවල් ගැන හිතලා හිතලා ස්ට්‍රෙස් වෙනවා නම් බ්රෝ.එකෙන්ම කියන්නේ කොන්ඩේ ගැන අමතක කරලා තට්ටෙ ගැන හිතපන්.හෙතුව හිතන දෙයක් උනාට ඕනවට වඩා වෙනකොට ඒක කොන්ඩේටත් බලපාන නිසා. ඔය ප්‍රස්න හැමෝටම තියෙනවා.හිතුවා කියලා විසදෙන්නේ නෑනේ.හොදම දේ හිත හිත ඉන්නේ නැතුව විසඳුමක් හොයාගන්න එක.එකට මොනවත්ම කරන්න බැරි නම් ඔක්කොම දමලා ගහලා මොහොතකට කරන්න කැමති මොනවහරි වැඩක් කරන එක.

කන්ෆිඩන්ස් හදාගන්න අමුතු ක්‍රම බලන්නමෙතන ක්ලික් කරන්න බ්රෝ.

නොමිලේ වොටර්පෘෆ් ෆෝන් කවර දිනන්න මෙතන ක්ලික් කරන්න

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න