ස්මාර්ට් වෙන්න දන්නවද?

ස්මාර්ට් වෙන්න දන්නවද?
ස්මාර්ට් වෙන්න දන්නවද?

තත්පරෙන් ස්මාර්ට් වෙන්න දන්නවද?

මොන බයිලා පස්සේ කිව්වත් මුල්ම පාර ඔබව වෙන කෙනෙක් දැක්කම ඇතිවෙන හැඟීම තමයි දිගටම තියෙන්නේ.එකනේ අර කතාවටත් කියන්නේ “ෆස්ට් ඉම්ප්‍රෙස්ශන් ඉස් ද ලාස්ට් ඉම්ප්‍රෙශන් කියලා“ කොහොමහරි පලවෙනිපාර වෙන කෙනෙක් ඔබව දැක්කට පස්සේ ඔබ පට්ට ස්මාර්ට් කියලා හිතන විදියට වෑඩේ ගොඩදාගන්න පුලුවන් නම් ඔබත් කැමතියී නේ මොනවා කරලා හරි එහෙම වෙන්න.. මේ කියන්නේ එහෙම වෙන්න ටිප්ස් ටිකක්.හැබයි එක දෙයක් – සට්යිල් එකෙන් ස්මාර්ට් කියලා පෙන්වන්න පුලුවන් වෙන්නේ ඔබව දන්නේ නැති අයට විතරයි බ්රෝ.හැබයි හොදම දේ මුලීක දෙවල් හදාගන්න එක.හැබයි ඉතින් හැමවෙලාවෙම ඇදුමේන් මිනිස්සු මනින්න හදන ලංකාවෙදී නම් නියමේට මේවා වැඩකරනවා.

 

ටිප් නමබ්ර් වන් – කට නිසා නහින්න එපා.

 

අනුග්‍රාහකත්වය

කතා නොකරනකන් මොඩයාද පන්ඩිතයෙක් ලුනේ.කතාවේ පොඩි ඇත්තක් නැතුවම නෙමෙයි.එ වගේම කතාකරන්නේ නැතුව හොද අසන්නෙක් උනාම ඔබට හොදට ප්‍රශ්නේ ඔලුවට අරගෙන උත්තර දෙන්න පුලුවන්.හැබයි කියන කෙනා ඔක්කොම කියනකන් අහන් ඉදලා එකට ජොක් කරන්න හරි වැරදී මගපෙන්වීම් නම් දෙන්න හදන්න එපා පුතී.එ වගේම බනින්න බලාගෙන කියන එක අහන්න පුරුදු වෙන්නත් එපා.

 

ටිප් නමබ්ර් ටූ – සිම්පල් එවා අහන්න.

 

ප්‍රශ්න අහනකොට අඟවන්න හරියටම ඔබ දන්නැති පාර්ට් එක.එ වගේම අඟවන්න ඔබ තවත් එ පිලබදව දැනගන්න කැමති බව,හරි ප්‍රශ්න අහන එකෙන් අනිත් අයට ඔබේ බුද්දිමත්  බව පෙන්නන පුලුවන්.හැබයි ප්‍රශ්න අහන කොට මේ දෙවල් මතක තියාගන්න. අඳාල නෑනේ – හැමතිස්සෙම ටොපික් එකට අදාල වෙන දෙවල් විතරක් අහන්න මතක තියාගන්න.එ වගේම මොලේ කොලොප්පන් වෙන කන්ෆියුස් ප්‍රශ්නත් අහන්න යන්න එපා.හොඳම දේ උත්තරේ ඔව් නෑ වලින් ඉවර වෙන විදියේ ප්‍රශ්න වලින් පොඩ්ඩක් ඇත්වෙලා ඉන්න.

 

ටිප් නම්බර් ත්‍රී – අයි කන්ටැක්ට්ස්

 

ඔබ ඇවිදගෙන යනකොට බිමබලාගෙන යන කෙනෙක් හම්බුනොත් හරි , කිසිම දෙයක් නැතුව ඔබේ ඇස් දිහා බලාගෙන යන කෙනෙක් අතර වෙනසක් තියෙනවද? ඔව්. පලවෙනි කෙනා බලන්නේ නැත්තේ ඔහු සතුව ආත්ම ශක්තිය අඩු නිසා,දෙවැනි කෙනා ඔනවට වඩා බලන්නේ එක්කො ඔහු තරහින් නැත්තන් වෙන සීන් එකක්.ඔය මොනව උනත් ඇස් දිහා බලන එක ,එ කිව්වේ අයි කන්ටැක්ට්ස් තමන්ගේ ආත්ම විශ්වාසය පෙන්වන්න නියම උපකරනයක් හැබයි අනික් පැත්තෙන් නියම විදියට පාවිච්චි කරන්නත් දැනගෙන ඉන්න වෙනවා.කතාකරන මුලු කාලෙන් 30% කට අඩු කාලයක් අයි කන්ටැට් තියාගන්නවා නම් එ කතාව දුර්වල ප්‍රතිපල දෙන විදියටත් ,30%ත් 70%ත් අතර නම් ශේප් ප්‍රතිපල දෙන විදියටත්,70%ට වඩා වැඩි නම් අවුල්ම ප්‍රතිපල එන විදියටත් හැදෙන බව පරීක්ශන මගින් හොයාගෙන තියෙනවා.

 

ටිප් නමබ්ර් ෆෝ – හොඳ කියුම් තමයි ඕනේ.

 

මේකට භාශාව නම් අදාලව නෑ.කලින් කියවපු පොතක, අහපු දෙයක් හරි,ෆිල්ම් එකක හරි වැදගත් දෙයක් දන්නව නම්,ඒක තැනට අදාලයි නම් මෙන්න මේ අහවල් තැනත් මෙහෙම තිබ්බා වගේ ටොක්ස් එකක් දෙන්න පුලුවන් නම් බ්රෝ වැඩේ ගොඩ.උදාහරනයක් විදියට වැඩකරන තැන හරි ඉස්කොලේ හරි අලුත් දෙවල් ගැන අයිඩියාස් ඇහුවොත් ටක් ගාලා උත්තර දෙන්න පුලුවන් කලින් එවා හොයලා බලලා,දැකපු කෙනෙක්ට විතරනේ.

 

ටිප් නමබ්ර් ෆයිව් – නිදාගන්න හරි විදියට  

 

කලින් ලිපි වලින් කිව්වා වගේ මන්තරේ වගේ ආයෙ කියන්නේ බ්රෝ මේක පට්ට වැදගත් නිසා, පැය 7ක් 8ක් රෑට නිදාගන්න පුලුවන් නම් ඔබේ නිර්මානශීලී බව,අවදානය යොමුකිරීමේ හැකියාව,මතක තියාගැනීමේ හැකියාව එකෙන්ම වැඩි වෙනවා.හැබයි ඔනවට වඩා නිදාගත්තොත් එකෙන්ම  ක්‍රියාශීලී බව අඩුවෙනවා.

 

ටිප් නම්බර් සික්ස් – කන්නාඩි යුස් කරන්න.

 

කන්නාඩි පොළගා කියලා කිව්වට ෆිල්ම් වල,ට්වී සීරීස් වල අපි හැමවෙලේම දකින මොලේ තියෙන ස්මාර්ට් ඩයල් එක අඳින්නේම කන්නාඩිනේ.ඉස්කොලේත් එහෙම ඩයල් ඉන්නවනේ.එක නිස විශේෂයෙන් ඉන්ටවිව් එකකට එහෙම යනවා නම් මේ ටිප් එක අනුගමනය කරන්න.මොකද පරීක්ශන වලින් හොයාගෙන තියෙනවා කන්නාඩි දාන අයදූම්කරුවන් ජොබ් එකට තොරාගැනීමේ හැකියාව වැඩි බව.

 

ටිප් නම්බර් සෙවන් – සුවඳ

 

ශෙප් සුවඳක් තියෙනවා නම් බ්රෝ කෙනෙක් ලග ආයෙත් ඉතින් අහන්න දෙයක් නෑ ඕන කෙනෙක්ගේ හිත දිනාගන්න පුලුවන්.දකින්නේ නැතුව ස්මාර්ට් කියලා පෙන්වන්න නියම විදියක් තමයි එක.එ වගේම පිරිසිදු කමේ ලක්ශනයක් විදියටත් මේ ටිප් එක ගොඩක් අය පිලිගන්න බව සොයාගෙන තියෙනවා.එක නිසා හරි විදියට හරි ගානට පර්ෆියුම් එහෙම යුස් කරන්න දන් නැත්තන් බ්රෝ ඉන්ෆෝ හරියට පර්ෆියුම් යුස් කරන්නේ කොහොමද කියන ලිපිය බලන්න.

 

ටිප් නම්බර් එයිට් – යුනිෆෝර්ම් එක.

 

ඉස්කොලේ තාම යන බ්රෝලා නම් කොහොමත් යුනිෆොර්ම් එක අඳින්න ඔනේනේ.හැබයි ඔෆිස් යන බ්රෝලා මතක තියාගන්න ඔනේ දෙයක් තමයි තමන් කොහේ ගියත් අඳින දේ යුනිෆොර්ම් එකක් කරගන්න.එ කිව්වේ හැමවෙල්ම පෙනුමට ඉන්න බලන්න.එක තැනකට පෙනුමට,ස්මාර්ට් ලුක් එකක් එක්ක ඉදලා වෙනතැනකට යද්දී එහෙම නැත්තන් එතන පොඩි අවුලක්නේ බ්රෝ.එක නිසා ස්මාර්ට් ලුක් එක තියාගන්න හැමතැනම.ඒක සපත්තු දෙක පොලිශ් කරනවා වගේ පොඩි දෙයක් වෙන්න පුලුවන්,නැත්තන් තැනට හරියන විදියට බ්ලෙස්ර් එකක් අඳින එක වෙන්න පුලුවන්.හැබයි මොනවා කරත් නීට් වෙන්න.එච්චරයි.

 

ටිප් නමබ්ර් නයින් – කොහේ කැපුවත් රතු

 

රතු දෙයක් ඇන්ඳොත් එකෙන්ම බ්රො ඔබට ලැබෙන අවධානය වැඩිවෙනවා.එ වගේම බලය සහ ඔතොරිටි එක ඔබට තියෙනවා කියන එක ඒකෙන පෙන්නුම කෙරෙනවා.මේක බොරුවක් නෙමෙයි නේ .වැඩිය ඔනේ නෑ පාරෙදී රතු ලයිට් එකෙන් නේ ඔක්කොම ට්‍රැෆික් එක නවත්වන්නේ.එ වගෙම කන්ෆිඩන්ස් එක ඉන්ටවිව් එකකදී පෙනවන්නත් මේ ටිප් එක නියමයි.උදාහරනේකට ඉන්ටවිව් එකකට යනකොට නෙවී බ්ලූ සූට් එකකට රතු පාට ස්ටයිලිශ් ටයි එකක් දැම්ම නම් පට්ට.

 

ටිප් නම්බර් ටෙන් – ටෙක් තමයි ටෙක්

 

දැන් කාලේ ස්මාර්ට් ෆෝන් හරියට හැන්ඩ්ල් කරන්න දන්නැත්තන් පොඩි අවුලක් නේ.ඕනේම පොඩි එකක් දන්න දෙයක් නේ එක.එ වගේම අලුතින් එන ඇප්,එ වලින් කරන්න පුලුවන් වැඩ,අලුත් ගැජට්ස්, ගැන පොඩි අප්ඩෙට් එකකින් ඉන්න .මොකද වෙන අය ඉස්සර දෙකයි පනහට වැටෙන්න ඔනේ නෑනේ බ්රෝ. තව දෙයක් බ්රෝ මතක තියාගන්න බ්රෝ.ෆේස්බුක් කියන්නෙ මුලු ඉන්ටර්නෙට් එකම නෙමෙයි කියලා.මොකද සමහරු එහෙමත් හිතන් ඉන්නවනේ.මෙතනින් ටිප්ස් ටික ඉවරයි.පහල තියෙන කුපන් එකත් ගන්න.බ්රෝ පොයින්ට්ස් ගැන කිසිම දෙයක් දන්නැත්තන් මෙතන ක්ලික් කරන්න.

 


Bro20 ලෙස කුපන් එක පහල ටයිප් කරලා “Apply coupon“බට්න් එක ක්ලික් කරලා බ්රෝ පොයින්ට්ස් 20ක් මේ දැන් දිනන්න.(බට්න් එක පෙන්න නම් ඔබට ෆෙස්බුක් වලින් ලොග් වෙන්න ඕනේ බ්රෝ) 



 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න