අතට අත දෙන හරි විදිය දන්නවද?

අතට අත දෙන හරි විදිය දන්නවද?

පලවෙනි වතාවට හම්බවෙන කෙනෙක්ට උනත් ,සියවෙනි වතාවටහරි හම්බෙන කෙනෙක්ට උනත් ආචාර කරන්න පුලුවන් හොඳම  විදිය තමයි අතට අත දෙන එක.ඇත්ත තමයි “ආයුබොවන්“ කියලා එ වැඩේම කරන්නත් පුලුවන් හැබයි හැමතැනම එක කරන්න බැහැනේ.එක නිසා අතට අත දෙන හරි විදිය දැනගෙන ඉන්න එක කරන්නම වෙනවා.

 

වැඩේ ලෙහෙසි වෙන්න ඔක්කොම සීන් එක කෑලි තුනකට බෙදුවා.පලවෙනි දේ තමයි කොහොමද කරන්නේ?, දෙවෙනි දේ තමයි කවදද කරන්නේ? තුන්වෙනි එක තමයි කොහෙදිද කරන්නේ? මේ තුන හරියට දන්නවා නම් වැඩේ ගොඩ.

 

කොහොමද කරන්නේ? ටිප්ස්.

 

හැමතිස්සෙම මතක තියාගන්න අතට අතදෙන කොට ඒක ඩෙඩ් ෆිශ් ග්‍රිප් එකක් නොවෙන්න.ඒ කිව්වේ අනෙක් කෙනාගේ අත රිදෙන්නේ නැතිවෙන්න එත් සවිමත් විදියට අතට අත්දෙන්න වගබලාගන්න.

 

හැමතිස්සෙම වෙබ් ටච් ග්‍රිප් එකක් දෙන්න.ඒ කිව්වේ ඔබේ මහපට ඇගිල්ල හා දබර ඇගිල්ල අතර ආචාර කරන කෙනාගේ එ තැනම සෙට් වෙන්න දැලකින් අහුකරගන්නවා වගේ අතට අත දෙන්න.

 

කෑම,ග්‍රීස්,වෙන මොනවත් දෙවල් අතේ තියන් අතට අත දෙන්න එපා.අතට අත දීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබව ඔවුන්ට මතකේ රදවන මිසක් ඔබ කාපු බීපු දෙවල් ඔවුන්ගේ මතකේ රදවන්න නෙමෙයි කියලා මතක තියාගන්න බ්රෝ.

 

එ වගේම අතේ දහඩිය නම් ටක් ගාලා පිහිදලා අතට අතදෙන්න පුරුදුවෙන්න.තව පොඩි දෙයක්, අතට අත දෙන්න අත දිගු කරාට පස්සේ ඔබ ආචාර කරන්න හදන කෙනාගේ ඇස් දිහා බලන්න.මද සිනාවක් දෙන්න.එ ඇති.

 

කවදද කරන්නේ ? ටිප්ස් .

 

හරි වෙලාවට කරේ නැත්තන් කිසි දෙයක් හරියන් නෑනේ.ඒක මොන වැඩේටත් අදාලයි වගේ අතට අතදෙන එකටත් අදාලයි. උදාහරනයක් විදියට ෆොමල් ඉවෙන්ට් එකකට යනවා නම් ඉවෙන්ට් එකට ගියාපු ගමන් සහ ඉවර වෙලා යනකොට  ඉවෙන්ට් එක හොස්ට් කරපු කෙනාට අතට අත දිලා යන එක අමතක කරන්න එපා.

 

එ වගේම හග් එකක් දෙන්න තරම් ලඟ ආශ්‍රයක් නැති ඔනේම කෙනෙක් අතට අත දෙන එක කිසිම අවුලක් නෑ.හැබයි ගොඩක් බ්රෝලා මේක කරන්නේ නැත්තේ තමන් අත දුන්නට අනෙක් පැත්තෙන් අතට අත දෙන්න අත ආවේ නැත්තන් වෙන නොන්ඩි වෙන එක ගැන හිතලා.

 

අත දුන්නට අත ආවේ නැත්තන්?

 

මේක තමයි එකම අවුල බ්රෝ. අතට අත දෙන්න අනෙක් පැත්තෙන් අතක් එන්න එපැයි.ඔබ ට්ර්යි කරලා අනෙක් පැත්තෙන් ආවේ නැත්තන් කිසිම වෙලාවක හිතන්න එපා එක නොන්ඩී සීන් එකක් කියලා.එකෙන් කියවෙන්නේ අනෙක් පැත්තේ ඉන්න කෙනාට ඔබව වැදගත් නෑ කියන එක නෙමෙයි ඔබේ ටයිමින් වැරදී කියන එක. එක නිසා මේ වගේ අපහසුතාවයන් මගහරවගන්න කරන්න තියෙන්නේ,

 

අතට අත දෙන්න යන පුද්ගලයා වෙන කතාවක ඉන්නවා නම් එක ඉවර වෙනකන් ඉන්න,පිටිපස්සෙන් ගිහිල්ලා අතට අත දෙන්න යන්න එපා බ්රෝ,එ වගේම අතට අත දෙන්න යන කෙනාට ඇහෙන්න කතාකරන්න නැත්තන් එකත් ලෙඩක් වෙයි. ඉන්න සංස්කෘතිය ගැනත් පොඩ්ඩක් හිතන්න.මොකද කාන්තාවකට අතට අත දෙන්න යනකොට ඒක ගොඩක් බලපාන නිසා.

 

කොහෙද කරන්නේ? ටිප්ස්.

 

අතට අත දෙන්න තැනක් නොතැනක් තියෙනවද බ්රෝ? ඇත්තටම එහෙම බාධාවක් නම් නෑ.හේතුව ඔබ අතට අත දීලා අදුරගන්න මිනිස්සු ගනන වැඩිවෙනවා කියන්නේ ඔබට තියෙන කනෙක්ශන් ගාන වැඩි වෙනවා කියන එක.එ නිසා ඇතිවෙන වාසිගැන අලුතෙන් කියන්න ඔනේ නෑනේ. එකනිසා මතක හිටින්න අතට අත දෙන්න මතකේ තියාගන්න.

 

එ වගේම අතට අත දෙද්දී මේ රුල්ස් ටික නම් ෆලෝ කරන්නම වෙනවා බ්රෝ,

 

ඉඳගෙන දෙන්න එපා

අපි ඉඳගෙන ඉන්නකොට කව්රුහරි අපිට අතට අත දුන්නොත් අපිත් නැගිටලා තමයි  අතට අත දෙන්න ඕනෙ.එකෙන් තෙරෙන්නේ අපි අනෙක් කෙනාට රෙස්පෙක්ට් කරනවා කියන එක.ඒ වගේම මතක තියගන්න අර හිනාවෙන පාර්ට් එකත් කරන්න ඔනේ.

 

 

දුවන ගමන් දෙන්න එපා

අතට අත දෙද්දි එක තැන ඉදන් දෙන්න. සමහර වෙලවට අපි කොහේ හරි හදිස්සියකින් යන වෙලාවට යන ගමන් අතට අත දෙනව. එත් එක හරි දෙයක් නෙමේ බ්රෝ.චුට්ට්ක් නවතිලා මූන දිහා බලල අත දෙන්න.

 

අත් දෙක අලවන් ඉන්න එපා

තත්පර දෙකත් පහත් අතර ගානකදී වැඩේ ඉවර වෙන්න ඕනේ.සමහරු අත අල්ලගත්තම අතාරින්නේම නැනේ.එක නම් එකෙන්ම වැරදීයි.අතට අත දිලා එකපාරක් දෙපාරක් වැනුවා වැඩේ ඉවර කරන්න.නැත්තන් එක වෙනම සීන් එකක් වෙනවනෙ. 🙂

 

අනිත් අතට මොකද වෙන්නෙ?

නිකමට හරි හිතුවද අතට අත දෙද්දී අනෙක් අතට මොකද කරන්නේ කියලා? හැම වෙලේම අනෙක් අත පෙන්න තියාගන්න.ඒක සාක්කුවේ හරි, අතට අත දෙන කෙනාව අල්ලන්න හරි පාවිච්චි කරන්න එපා.එක නිදහසේ තියාගන්න.

අතේ මුදු පලදින හරි විදිය දැනගන්න මෙතන ක්ලික් කරන්න.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න