ජිම් නොයා ෆිට් එකේ ඉන්නේ කොහොමද?

ජිම් නොයා ෆිට් එකේ ඉන්නේ කොහොමද?
ජිම් නොයා ෆිට් එකේ ඉන්නේ කොහොමද?

අම්මටසිරි… දැන් මිඩියම් සයිස් අදින්න බෑ..ලාර්ජ් තමයි හරියන්නේ..එක්කො ලාර්ජ් හරියන්නෙත් නෑ එක්ස්ට්‍රා ලාර්ජ් තමයි දැන්…මෙහෙම වෙනවනේ ඇදුම් ගන්න ගියාම.හේතුව ඇගේ සයිස් එක තෙල් තට්ටු වලින්ම පිරිලා නිසා.ඉතින් ඕක බස්ස ගන්න ජිම් එකකට යන්න බැරි නම්,එක්කෝ වෙලාව නැත්තන් කරන්න පුලුවන් එක දෙයක් එක්සසයිස් කරන එක. අදනම් අඩුම ගානේ විනාඩි 30ක්වත් එක්සසයිස් කරන්නම ඕනේ කියලා හිතලා ඔක්කොම වැඩ දමලා ගහලා යනවා එක්සසයිස් කරන්න.හැබයි විනාඩි 10ක් විතර ගියාම දාඩිය දාලා වැඩේ එපා වෙනවා.ඇගටත් අමාරුයි ,කිසිම කික් එකක් නෑ,මෙලෝරහක් නෑ. ඊටපස්සේ දවසේ යනවා යාලුවෙක්ගේ පාටි එකකට, ගිහිල්ලා සෙට් එක එක්කම පැයක් විතර ඩාන්ස් කරනවා,දාඩියත් දැම්මට ලොකු අමාරුවකුත් නෑ,වෙනස තේරුනාද බ්රෝ? වෙනස සැපද බ්රෝ?

 

 

අනුග්‍රාහකත්වය

මේ සීන් එක ඕනේම කෙනෙක්ට වෙන්න පුලුවන්.හේතුව වෙන්නේ අපි ආසදේ කරද්දී ඒක නවත්වන්න හිතෙන්නේ නැතිඑක.උඩ කියපු සීන් එකෙදී එක්සසයිස් කරන එක බැරිඋනාට කැරකි කැරකි ඩාන්ස් කරන්න කික් එක ආවේ ඒකට ආස නිසා.ඉතින් බර අඩුකරගන්න හරි,ෆිට් එකේ ඉන්න හරි ,වෙන මොනම හෙතුවක් නිසා එක්සසයිස් කරන්න උනත් එක කරන්න කැමතී නැත්තන් කරන්න තියෙන්නේ එකම දේ එක්සසයිස් නොකර ඉන්න එක. හාද?

ස්ටේප් වන් – කට නිසා නහින්න එපා.

 

කට තමයි ඔක්කොටම මුල බ්රෝ.කට කන්ට්‍රෝල් කරගත්තේ නැත්තන් කිසිම දෙයක් හරියට කරගන්න බෑ.සාමාන්යෙන් පැයක් එක්සසයිස් කරා කියන්නේ කැලරි 300ත් 400ත් අතර ගානක් දහනය වෙනවා කියන එක.හැබයි එහෙම කියලා ඊලග පැයෙදී කන කෑමෙන්ම කැලරි 500 -600 ක් එනවා නම් හොදම දේ එක්සසයිස් කරන එක පැත්තක දාලා හොස්පිට්ල් ඉන්සුරන්ස් එකක් ගන්න එක.එක නිසා මතක තියාගන්න ඔබ එක්සසයිස් කරන දේ වල ප්‍රතිපල 80% – 90% රඳාපවතින්නේ කන කෑම මතබව.

 

ස්ටේප් ටූ – පුදුමාතලන් වැඩ

 

එකදිගට කිලොමිටර 5ක් 10 ක් දුවනව කියන්නේ මහ කට්ටක් නම්,එකදිගට වෙන මොනව හරි එක්ස්සයිස් එකක් කරනවා කියන්නේ පට්ට කට්ටක් නම්.මේ කියන්න යන විදි තමයි බ්රෝ උඹට ගැලපෙන්නේ.

හයිකින් – ලංකාව හතර වටේම කඳු තියෙන නිසා මේ වැඩේ ලෙහෙසියෙන්ම කරන්න පුලුවන්.ජිම් යන එකට වඩා මේකේ ආතල් එක ආයෙත් කියන්න දෙයක් නෑනේ.එ වගේම ජිම් යන එකට වඩා හයිකින් වලින් වැඩි එක්ස්පීරියන්ස් එකක්,එක්සසයිස් එකක් නොදැනිම ලැබේයි බ්රෝ.සාමාන්යෙන් 70ක විතර බරක් උස්සන් කන්දක් නගිනවා නම් පැයකට කැලරි 430 ත් 440 ත් අතර ගානක් ධහනය වෙනවා.

ඇවිදින්න/බයිසිකල් පදින්න – දැන් නම් කොලඹ පැත්තේ ඇවිදින එක ට්‍රෙන්ඩ් එකක් හේතුව එකේ හතර වටේම ඇවිදින්න ට්‍රැක් හදලා තියෙන නිසා.පුලුවන් පොඩි දේකදී පවා ඇවිදින්න බලන්න.උදාහරනයක් විදියට ඇපල් සමාගමේ හිටපු ලොක්කා ස්ටීව් ජොබ්ස් සමහර මීටීන්ස් තියලා තියෙන්නේ ඇවිදින ගමන්.සාමාන්යෙන් කිලො 70ක කෙනෙක් පැයට කිලොමිටර 5ක් වේගයෙන් ඇවිද්දොත් කැලරි 584ක් විතර ධහනය කරගන්න පුලුවන්.

නැටුම් – දැන් නම් සුම්බා ක්ලාස් හැමතැනම, ජිම් යන්න කැමති නැත්තන් වැඩේට ආසනම් කරන්න පුලුවන්.දහඩිය දාන්න,හාර්ට් රේට් එක වැඩිවෙන්න ඇගහොල්ලලා නටන්න කැමති නම් හරි පාට්නර් කෙනෙක් එක්ක මේක කරන්න පුලුවන් නම් මේ වැඩේත් පට්ට.මෙකෙන් සාමාන්යෙන් කැලර් 350ක් විතර ධහනය කරගන්න පුලුවන්

 

 

කරාටී/ගුජරාටි/මරාටි –.කරන්න කැමතිනම්,ඉගෙන ගන්න කැමතිනම්, ආත්ම ආරක්ශක සටන් කලාවක් ඉගෙන ගන්නව කියන්නේ ජිම් යන්න ඔනේම නෑ.

කෝපි එකක් බොන්න යමුද? – ඇය එහෙම ඇහුවොත් ගොනා සේ හා! කියන්නේ නැතුව එක වෙනත් පැත්තකට ඇදගන්න.උදාහරනයක් විදියට ඇවිදින්න,බොවුලින් කරන්න,බීච් එකට යන්න වගේ හිතන් නැතිවිදියට එක්සසයිස් වෙන තැන් වලට යන්න බලන්න.

අරකත් හොදයි – බැඳපු බ්රෝලා නම් හොදටම දන්නවනේ ජිංගි ජිකා එක.දන්නවනේ ඉතින් කරන්න පුලුවන් එක්සසයිස් .ඔව් ඔව් එකතමයි. හරියට වෙලාව අරන් කරනවා නම් ෆිට් වෙන්න අලුතෙන් ජිම් යන්න ඔනේ නෑ.මෙකෙන් සාමාන්යෙන් විනාඩි 25කට කැලරි 100ක් විතර දහනය කරගන්න පුලුවන්

සුද්ධ කරාද? – ඩෙංඟු නැතිකරන්න පුලුවන් පලවෙනි දේ අපේම ගෙවල් අපිම පිරිසිදු කරන්න එක.ඉතින් ගෙදර පිරිසිදු කරනවා කියන්නේ ආයේ හොද එකසසයිස් එකක් තමා.

පිහිනන්න – රට වටේම මුහුද තියෙනවානේ,එ මදිවට ගංගා,වැව් , අඩුම ගානේ ස්විමින් පූල් හරි තියෙනවනේ.පිහින්න පුලුවන් නම් ඇගේ හැමතැනටම එක්සසයිස් තමයි බ්රෝ.පැයක් පිහිනුවොත් කැලරි 550 ක් විතර ධහනය කරගන්න පුලුවන්.

 

ස්ටේප් ත්‍රී – මෙච්චරද?

 

බෑ කියන්න කලින් පුලුවන් කියන්න.සල්ලි නෑ,වෙලාව නෑ කතා හිතට එන්න කලින් එක්සසයිස් කරන්න පටන් ගන්න.එකට කලින් ඉදන් කීය කීය හරි ඉතුරු කරගන්න.හොදම දේ මේ හැමදේම යාලුවෙක් එක්ක කරන්න පටන් ගන්න.හැබයි කෙලවෙන එක බලාපොරොත්තු වෙන්න.එතකොට අලුතෙන් කෙලවෙන්න දෙයක් නෑ ෆන් එකේ ඕන වැඩක් කරන්න පුලුවන්.

 

අපේ බ්රෝලාගේ දැඩි ඉල්ලිම මත මේ ලිපියෙන් අපි පටන් ගන්නවා බ්රෝඉන්ෆෝ ෆිට්න්ස් ලිපි සෙට් එක.ෆිට් එකේ ඉන්නේ කොහොමද කියන එකේ ඉදන් ජිම් එක්සසයිසස් ඇතුලු ඔක්කොම ඉස්සරහට බලගන්න පුලුවන්. දවස ගානේ අපේ ටිප් එක බලන්න ඔන්නේ නම් හරි ෆිට්නස් ටිප්ස් ඉක්මනට ඔනේ නම් බ්රෝඉන්ෆො ඉන්ස්ටග්‍රැම් එක ෆලෝ කරන්න මෙතන ක්ලික් කරන්න.  

 

✅⚛බෙන්ච් ප්‍රේස් ග්‍රිප්⚛ – සිවිලිමට පන්ච් කරන විදියට – ✅හැමතිස්සෙම අතේ පසුපස කොටසට බර එන විදියට කරන්න.අත්ල පේන විදියට කෙලින් තියාගත්තොත් ඔබේ පපුව ඉදිරියට එනවා මෙන්ම උරහිසේ ඉන්ජරී එන එක වලක්වගන්න පුලුවන්.එකියන්නේ හරියට වැඩේ කෙරෙනවා කියන එක.🔅 ❌සුවිසයිඩ් ග්‍රිප් -❌ අත්ල මත තියාගෙන බෙන්ච් ප්‍රෙස් කරන්න ගියොත් නම් පුතී ඒ බර කෙලින්ම එන්නේ අතේ මැනික් කටුවට.මේකෙන් වෙන්නේ අතේ බයිසෙප්ස් වලට අනවශය පීඩනයක් එන එක නිසා උරහිස්/පපුව රිදෙන්න ගන්න එක.එ වගේම පපු ප්‍රදේශය හරියට ඇක්ටිව් වෙන්නෙත් නෑ.බාර් එකේ බර ජොයින්ට්ස් වලට ලිගමන්ට්ස් වලට අනවශය බරකුත් එත් එක්කම දෙනවා.එක නිසා වැර්දියට නොකර හරියටම කරන්න.🚫 #BroInfo

A post shared by Bro Info – බ්රෝ ඉන්ෆො (@broinfo) on

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න