අකමැති ජොබ් එකක් කරන්නේ කොහොමද?

අකමැති ජොබ් එකක් කරන්නේ කොහොමද?

පොඩි කාලේ අම්ම තාත්තා කියන හින්දා හරි අනික් හැමොම කියන හින්දා හරි ඩොක්ටර් කෙනෙක් වෙන්න,පයිලට් කෙනෙක් වෙන්න,ඉංජිනේරුවෙක් වෙන්න වගේ සිහින ගොඩක් බ්රෝ ලා හිතුවට, ටික ටික උඩට ඉගෙනගන්නකොට තමයි තෙරෙන්නේ වැඩේ ලෙහෙසි නෑ කියලා.ගොඩයන සෙට් එකකුත් ඉන්නව එක වෙනම කතාවක් එ වගේම ටික ටික තෙරුම් යනවා අපි දන්නවට වඩා ජොබ් වර්ග ගොඩක් තියෙන ලොකු ජොබ් මාර්කට් එකක් සමාජයේ තියෙනවා කියලා.ඉතින් ගොඩක් බ්රෝලා කරන්නේ සිහිනේට බම්බුගහගන්න කියලා කරන්න පුලුවන් ලෙහෙසිම,අකමැති ජොබ් එකක් කරන එක.

 

එහෙම කරන ජොබ් එකක් ටික කාලෙකින් එපා වෙන එක අහන්න දෙයක් නෙමෙයිනේ.හැබයි ජිවත් වෙන්නත් ඔනේ නිසා වෙන කරන්න දෙයක් නැති හින්දාම එ ජොබ් එක කරන්නම වෙනවා නම් එතන පොඩි අවුලක් නේ බ්රෝ. පලවෙනි දේ කැමති නැත්තන් කැමති ජොබ් එකක් හොයලා එකට යන්න.හැබයි එහෙම යන්න ට්‍රයි කරන කාලේදී හරි,වෙන තැනකට යන්න බැරි තත්වයක් නම් තියෙන්නෙ මෙන්න මේ බ්රෝ ඉන්ෆෝ ටිප්ස් ටික වැදගත් වේවි ටික කාලෙකට හරි.

ටිප් නම්බර් වන් – ලෙවල් එකට පාස්වෙන්න-ඔක්කොම සම්මාන ගන්න

ඔබේ අකමැති ජොබ් එකේ ලෙවල් එකට වඩා අඩු ලෙවල් වල වැඩ කරන්න වෙනවා කියලා හිතෙනවද ?.නැත්තන් ඔබට වැඩකරන්න වෙන බොසා මෙලො වැඩකට නැති එපාම කරපු ඩයල් එකක් ද? තත්වේ මේක නම් ප්‍රශනේ ඇත්තටම තියෙන්නේ ඒ කියපු දෙවල් දෙකේ නෙමෙයි.වැඩේ එකෙන්ම ගොඩ දාගන්න මේ විදියට හිතලා බලන්න.ජොබ් එකෙදී කරන්න හම්බෙන වැඩේ ලොකුද පොඩිද මගේ ලෙවල් එකට ගැලපෙනවද නැද්ද යන එවා පැත්තකට දාල කරන්න වෙන හැම වැඩේම උපරිමයටම කරලා බලන්න සතියක්.නිකමට හරි කරලා බැලුවොත් ලොකු වෙනසක් දැකගන්න පුලුවන් වෙයි බ්රෝ. ට්‍රයි කරලා බලන්න.මොකද පොඩි වතුර බින්දු ගොඩක් එකතුවෙලා තමයි ලොකු ගඟක් හැදෙන්නේ කියලා මතක තියාගන්න.

ටිප් නම්බර් ටූ – කේවල් කරන්න

වල් දෙයක් ගැන නෙමෙයි ඔය කියන්නෙ කතාකරලා විසදගන්න කියන එක.උදාහරනේකට ඔබ ඔබේ බොස් එක්ක,කරන වැඩ ප්‍රමානේ අඩු හෝ වැඩි වීම,පඩි නඩි ගැන අවුලෙන් නම් ඉන්නේ, ඒ අවුලෙන්,අසතුටින් ඉන්න ඔබ නිසා කරන ඔක්කොම වැඩ ප්‍රමානයටත්,වටේ පිටේ වැඩ කරන අයටත් ඔබව එපා වෙන එක අහන්න දෙයක් නෙමෙයි. බොස් ඔබේ මේ තත්වේ ගැන දැනුවත් නැතත් ,දැනගෙන හිටියත් ඔහුත් එක්ක මේ ගැන කතාකරලා කියන්න ඔබට කලහැකි සහ නොහැකි දේ ගැන.සමහර විට ඔබට හොඳ ප්‍රතිචරයක් ලැබෙන්නත් පුලුවන්.ට්‍රයි කරලා බලන්න.

ටිප් නම්බර් ත්‍රී – කම්මැලිද බ්රෝ?

ජොබ් එක කරන්න කිසිම වැඩක් නැද්ද? නැත්තන් කරන වැඩේ මදි වගේද? එක්කො කරන වැඩේ ලෙහෙසි වැඩිද? මේ ප්‍රශ්න තියෙනවා නම් කරන්න තියෙන්නේ පොඩි වැඩේ උනත් උපරිම කොලිටි එකට කරන එක.එකෙන් පුලුවන් ඔබ කවුද කියලා අනෙක් අයට පෙන්වන්න.එ වගේම මේ වෙලාව යුස් කරගන්න වෙනත් දෙවල් ඉගෙන ගන්න.උදාහරනෙකට ජොබ් එක ගිනුම් පැත්තෙන් නම් තියෙන්නෙ ඉතුරුවෙන වෙලාවෙදී බැන්කින් ගැන ඉගෙන ගන්න බලන්න,ජොබ් එක තියෙන්නෙ මාකටින් නම් ඉතුරුවෙන වෙලාවෙදී ඩිජිටල් මාකටින් ඉගෙන ගන්න .එකෙන් වෙන්නෙ ඔෆිස් එකට ඔබට තියෙන වටිනාකම වැඩිවෙන එක.හැමදෙම දන්න,ඕන දෙයක් කරන්න පුලුවන් බ්රෝ කෙනෙක්ට කවුද අකමැති වෙන්නේ.

ටිප් නම්බර් ෆො – පොඩි පොඩි සිහින.

මේ කියන්නේ දැන් කරන අකමැති ජොබ් එක නිසා ඔබට මිස් උන ඩ්‍රීම් ජොබ් එක ගැන.උදාහරනයක් විදියට පයිලට් වෙන්න සිහිනයක් තිබ්බට ඒක කරගන්න බැරුව මාර්කටින් ජොබ් එකක් කරනවා නම්,වැඩෙ අතාරින්න එපා කියලා තමයි මේ ටිප් එකෙන් කියන්නෙ.උදාහරනයක් විදියට මර්කටින් ජොබ් කරාට පුද්ගලික පයිලට් ලයිසන් ගන්න බැරිකමක් නෑ නේ.එ වගේම කරන අකමැති ජොබ් එකට වහ වැටිලා අන්තිමට සිහිනේ අමතක කරගන්න එපා බ්රෝ ,හෙතුව වෙන්නෙ තව අවුරුදු 10කින් විතර පසුතැවෙන්න වෙන එක.

ටිප් නම්බර් සික්ස් – ෆීලින් හැපි විත් සිරිපාල ඇන්ඩ් 49 අදර්ස්

හැමතිස්සෙම හොයාගන්න බලන්න ආසාවෙන් කරන්න පුලුවන් වැඩ.උදාහරනෙකට ඔබ සෙල්ස් වල නම් ඉන්නේ වැඩකරන්න කැමතිම කස්ටර්මස්ලා එක්ක උපරීම හොදින් වැඩකරන්න බලන්න.එතකොට කරුමෙට සෙට් වෙන නරක කස්ටමර් කෙනෙක් එක්ක උනත් වැඩිය අවුලක් වෙන එකක් නෑ.එකම දේ තමන් ආසාවෙන් කරන්න ජොබ් පාර්ට් එක හොදටම කරන්න.එතකොට අකමැති පාර්ට් එක එච්චර දැනෙන එකක් නෑ.

ටිප් නම්බර් සෙවන් –  බඩියෙක් සෙට් කරගන්න.

ජොබ් එකට ,ජොබ් එක කරන තැනට ආස නැතිවෙන්න පුලුවන් හැබයි ඉන්න මිනිස්සුත් එක්ක හම්බෙන හැමවෙලේම කතාබහ කරලා කනෙක්ශන් එක තියාගන්න බලන්න.එ වගේම වැඩ කරන තැන අනෙක් අයට වඩා විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පට්ට.ඉන්න ඔක්කොම මිනිස්සු අවුල් වගේ පේනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න බ්රෝගෙ අතින් වෙන්න පුලුවන් ඔක්කොම දෙවල් හරියට වෙනවද කියලා.

ටිප් නම්බර් එයිට් – පොඩ්ඩක් මොඩිෆයි කරලා ගන්න.

වාහනයක් උනත් ආස හිතෙන්නේ තමන්ට කැමති විදියට මොඩිෆයි කරලා ගත්තමනේ.වැඩකරන තැනත් එ වගේ තමයි.දවසේ පැය 6කට වඩා ඉන්න තැන කැමති නැති විදියට තියෙනවා නම් කිසිම කෙනෙක් එතන වැඩක් කරන්න කැමති නෑ.එක නිස පොඩ්ඩක් එ ගැන හිතලා බලන්න.

ටිප් නම්බර් නයින්  – හිරකර ගන්න එපා.

ජොබ් එකට කැමති නැත්තන් කැමති නැති වැඩකරන්න වෙනවා නම් ,එක ඔක්කොම පත්තු වෙනකන් හිරකරන් ඉන්නේ නැතුව ඉක්මනට මැනෙජර් එක්ක කතාකරලා ප්‍රශ්නේ විසදගන්න.හැබයි හැමදාම නැතුව එක දවසක ජොබ් එකේ එපාඋනවැඩක් උනා නම් එක ජොබ් එකෙන් අයින් වෙන්න තරම් බරපතල නැත්තන් හොදම දේ යහලුවෙක්ට,වයිෆ්ට, ගර්ල්ෆ්රෙන්ඩ් ට කියලා එ බරෙන් නිදහස් වෙන එක.

මේ ලිස්ට් එකේ ටිප් නම්බර් ෆයිව් එකක් නෑ කියලා දැක්කද බ්රෝ? නැද්ද?  අන්තිමට කියන්න තියෙන්නේ එක දෙයයි බ්රෝ.තමන්ගේ දෙයක් පටන් ගන්න සල්ලි නැතිකමට ජොබ් එකක් කරනවා නම් එකට ඇබ්බැහි වෙන්නේ නැතුව තමන්ගේම දෙයක් හදාගන්න පාර කපාගන්න එතන අත්දැකීම් උදව් කරගන්න.ජොබ් එක හොදයි නම් පට්ට,ජොබ් එක ගැන ඉගෙන ගන්න,අලුත් කනක්ශන් හදාගන්න එක පහසුවක්,ජොබ් එක අවුල්,බොසා අවුල්,කේස් ගොඩක් නම් ඊට වඩා පට්ට.හේතුව හොදට තැලෙන යකඩේ මුවහත තියුනුයි වගේ.ටික කාලයක් කට්ට කාගෙන හිටියොත් උබ මොන ලෝකේ ගියත් ආයෙත් වට්ටන්න නම් බැ පුතී කාටවත්.හැම තිස්සෙම හිතාගනින් “හැමදේම වෙන්නේ උඹෙ හොදට“මේ තියෙන්නෙ ටිප් නම්බර් පහ.

අතේ මුදු පලදින හරි විදිය දැනගන්න මෙතන ක්ලික් කරන්න.