රෝස පාටින් හරියට ස්ට්යිල් කරන්න දන්නවද?

රෝස පාටින් හරියට ස්ට්යිල් කරන්න දන්නවද?
රෝස පාටින් හරියට ස්ට්යිල් කරන්න දන්නවද?

සාමාන්‍යයෙන් රෝස පාට ඇඳුම් අදින්නේ කෙල්ලො විතරයි කියලානේ හැමෝම කියන්නේ,හිතන් ඉන්නේ.එක බොහොම වැරදී මතයක් බ්රෝ.ලෝකේ කිසිම පාටක් ගැහැණු පිරිමි කියලා වෙනස් කරලා බෝර්ඩ් ගහලා වෙන්කරන්න බෑ වගේම වෙනස ඇතිවෙන්නේ අඳින කෙනාගේ පෞරුෂත්වය මත මිසක් අඳින පාට නිසා නෙමෙයි කියලා ඔලුවේ තියාගන්න.කොහොම කොහොම හරි රෝස පාට අඳින්න බෑ කියලා හිතන් ඉන්න සෙට් එක ගොඩක් වෙලාවට එක ට්‍රයි කරන්නේ නැතුව එතනින් ඈත්වෙන නිසා හෑමෝම හිතන්නේ මේක කරන්න බැරි දෙයක් කියලා. හැබයි සට්යිල් කියන දේ හැමදාම හැදෙන්නේ එ ගැන එක්ස්පෙරිමේන්ට්ස් කරලා ට්‍රයි කරන බ්රෝ කෙනෙක් නිසා මිසක් ට්‍රයි කරන්න බය සෙට් එක නිසා නෙමෙයි කියලත් ඔලුවේ තියාගන්න.

නමබ්ර් වන් – බ්ලේසර් එකක් විදියට

වෙඩින් එකකට හරි ෆෝමල් හමුවීකට ඔක්කොම රොක් කරලා හොල්ලලා ගන්න පුලුවන් දෙයක් තමයි රෝස පාට බ්ලේසර් එකක් අඳින එක.හැබයි එතන ඉන්න සෙට් එකේ ඇස් උඩයන්න පුලුවන් වැඩේට.ඒ මොනව කීව්වත් ඔබ කන්ෆිඩන්ට් නම් බ්රෝ කිසිම අවුලක් වෙන්නේනෑ.

නම්බර් ටූ – කැසුවල් ශර්ට්ස්

අනුග්‍රාහකත්වය

ඔෆිස් එකට , කැම්පස් එකට,ක්ලාස් එකට කොහෙට ගියත් මේ වගේ රෝස පාට මික්ස් උන කැසුවල් ශර්ට් එකකින් සෙට් වෙන ලුක් එක වෙන තැනකින් ගන්න බෑ බ්රෝ. නොමල් චෙක් ශර්ට්, ස්ට්‍රයිප්ස් තියෙන ශර්ට් ඇඳලා ඇඳලා ඇතිඋනාට පස්සේ වෙනසකටත් එක්ක අඳින්න පුලුවන් හොදම ඔප්ශන් එකක් තමයි මේක.

නම්බ්ර් ත්‍රී – රෝස පාට ශෝට්ස්

ලංකාව වගේ රටකට ගැලපෙනම දේ,අපේ බ්රෝලා ඕන තැනකට ඇඳන් යන්න කැමතිම ,පහසුම දේ ශොට්ස්.ඉතින් මේක උනත් තද රෝසපාටක් එක්ක ,ටී ශර්ට්,පොලෝ එකක් එක්ක පට්ට ලුක් එකක් ගන්න පුලුවන්.

නම්බර් ෆෝ – ටී ශර්ට් එකක් උනත් කිසි අවුලක නෑ.

අඳින්න පුලුවන් සිම්පල්ම දේ ටී ශර්ට් එකනේ බ්රෝ.රැල්ලෙන් කැපිලා පෙන්න මේ වගේ ශර්ට් එකක් නියමෙට ගැලපෙනවා.එ වගේම මැච් වෙන කලිසමක් අඳින්න මතක තියාගන්න.

නම්බර් ෆයිව් – ටයි

ටයි එක අදකාලේ ඕනම කෙනෙක්ට අලුත් දෙයක් නෙමෙයිනේ එ වගේම කෙනෙක්ගේ සට්යිල් එක මොකක්ද කියලා හොද ඩිරෙක්ශන් එකක් ගන්න පුලුවන් ටයි එකේ සට්යිල් එකෙන්.එක නිසා හැමදාම එකම ටයි එක ඇදන් යනවට වඩා වෙඩින් එකකට බිස්නස් මීට් එකකට පින්ක් සලිම් ටයි එකක් ඔබේ ඇඳුමට නව පෙනුමක් අරන් දෙයි බ්රෝ.

නම්බර් සික්ස් – හවසට චිල් එකේ මේ වගේ ට්‍රවුසර් එකක්

සෙමිෆෝමල් කලිසමක් ඔෆිස් එකෙන් පස්සේ කැසුවල් මීටින්ස් එහෙම තියෙනවා නම්,පොඩි ඩිනර් අවුට් එකකට එහෙම යනවා නම් වෙනසකට ගැලපෙනම පාට තමයි මේ.පුලුවන් නම් අනෙක් ඇසසරීස් ,ඔරලොසුව එහෙමත් ශෙප් එකේ එකට මැච් කරන්න බලන්න

 

වටිනා අත් ඔරලෝසුවක් දිනන්න කැමතිද එහෙනම් මෙතන ක්ලික් කරන්න

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න