දියවැල් වලින් බේරෙන්නේ කොහොමද?

දියවැල්
දියවැල්

බිච් වලට විතරක් නෙමෙයි දියවැල් අනුරාධපුර ,පොලොන්නරු පැත්තේ තියෙන වැව් වලටත් අනෙක් ගංඟා වලටත් අදාලයි.එක නිසා ඉල්ලන් කන්න කලින් පොඩ්ඩක් කියවලා තෙරුම් ගන්න.හැබැයි මෙතන මොන බම්බුවක් කියෙව්වත් වැඩක් නෑ බීලා පීනන්න යනවා නම් එක නිසා පලවෙනි දේ බිලා පීනන්න එපා. මොකද බීපු කෙනෙක්ව ගිලෙන්න දියවැල් ඕනේ නෑ පොඩි කානුවක් තිබ්බත් ඇති .

 

අනාවැකිය බලන්න.

 

අනුග්‍රාහකත්වය

සාමානය දවසකත් දියවැල් ඇතිවෙන්න පුලුවන් හැබයි කුනාටුවක් සමග ඇතිවෙන දියරැලි ගොඩක් ප්‍රබල වෙන්න පුලුවන් එක නිසා මුහුදේ නාන්න යන්න කලින් කාලගුන අනාවැකිය බලන්න.ලයිෆ් ගාර්ඩ්ල ඉන්නවා නම් ඔවුන්ට කතාකරලා නාන්න හොදම තැන අහගන්න.

 

අවවාදය පිලිපදින්න

 

ඉල්ලගෙන කන්නෙ නැතුව අනිවාර්යෙන්ම බීච් එකෙ දාල තියෙන අවවාදාත්ම පුවරු කොඩි ගැන සැලකිල්ලක් දෙන්න.කහපාට කොඩි වලින් කියන්නේ සාමාන්ය දියවැල් තියෙනවා කියලා.පීනන්න බැරි නම් හොදම දේ ඉවත්වෙන එක.රතු කොඩියක් තියෙනවා කියන්නේ ඒ හරියේ පීනන්න පුලුවන් උනත් නාන්න එපා කියන එක.රතු කොඩි දෙකක් දාලා තියෙනවා නම් එ කියන්නෙ බීච් එකෙන් ඉවත් වෙන්න කියන එක.

 

කලින් අඳුරගන්න.

 

උදේ පාන්දර මරුවා සමග වාසේ කියලා දියවැල් තියෙන තැනක නාන්න ඕන නෑ. දියවැලක් කලින් අදුරගන්න පුරුදු වෙන්න.සාමාන්යෙන් දියවැල් කියන්නෙ පටු වතුර ධාරාවක්,අඩි 50ක් – 100ක් විතර දිගයි,සාමාන්යෙන් බීච් එකෙ ඉදන් ගැඹුර මුහුදට වෙගයෙන් ගලාගෙන යනවා.එක පාරට මේක අදුරගන්න බැරි උනත් පහල කරුනු වලින් අදුරගන්න පුලුවන්.

 

දෙපැත්තකින් රල ඇවිල්ලා ගැටෙන තැන මැද අසාමානය විදියට සන්සුන් ජලය රේඛාවක් විදියට බීච් එකෙ ඉදන් මුහුදට යනවා නම්,මුහුදේ අනෙකුත් පාටට වඩා මඩපාට,වෙනස් පාටක් ගන්න තැනක් නම්,වැලි මුදුපැලැටි වේගයෙන් ඇදිලා යනවා නම් මුහුදපැත්තට එ කියන්නේ දියවැලක් තමයි.

 

ඈත්වෙන්න.

 

මුහුද ඇතුලට හදලා තියෙන ගල් වැටි,බොට්ටු නවත්වන ජැටි,පාලම් වගේ දෙවල් වලින් පුලුවන් තරම් පුලුවන් තරම් අඩුම ගානෙ මිටර් 100ක් වත් ඇත්වෙලා නාන්න.එ වගේම ස්බාවික කොරල් පර,ගල්පර,වැලිපර වගේ දෙවල් වලිනුත් ඈත් වෙලා නාන්න.හෙතුව එවා අසල හැමතිස්සෙම වගේ දියවැල් තියෙන්න පුලුවන්.

 

ඉන්නවා නම් පීනන්න.

 

පීනන්න දන්නේ නැත්තන් ගොඩවෙරලේ ඉදන් ඕනම සෙල්ලමක් දාන්න වැඩ පෙන්නන්න ගිහිල්ලා මැරෙන්නේ නැතුව.පීන්නන්න දන්නනේ නැත්තන ඉගෙන ගන්න.එ වගේම ලයිෆ් ගාර්ඩ් ලා ඉන්න තැනක හරි,තවත් පිරිස් ඉන්න තැනක පීනන්න පුරුදු වෙන්න.කොච්චර ස්විමින් වැඩ්ඩෙක් උනත් තනියම පිහිනන්න ගිහිල්ලා කකුලේ එහෙම ක්‍රැම්ප් එකක් අවාම අසරන වෙනවනේ.

අහුවුනොත් මොකද කරන්නේ?

 

ඉනට වඩා අඩු තැනක ජලයේ ඉන්නකොට දියවැලකට අහුනාට ශේප් එකෙ ඇවිදලා පැනගන්න පුලුවන්.එක නිසා පීනන්න දන්නැත්තන් ඉන ලෙවල් එකට වඩා ඉහල ජල මට්ටමකට යන්න එපා. පපු මට්ටමකට ගිහිල්ලා දිය වැලකට අහුවුනොත් කෑගහලා හරි අත් දෙක වනලා හරි උදව් ඉල්ලන්න  ,

 

ගිලෙන් නැතුව ඉන්න පුලුවන් නම්

 

උඩ කරුනු ඔක්කොම බලලා ගියත් දියවැලකට අහුවෙන්න පුලුවන් නේ. දියවැලකට අහුවුනා කියලා මැරෙන්නේ නැනේ.එක නිසා පලවෙනිදේ කලබල වෙන්න එපා බ්රෝ. යන්තන් අතපය ගහලා පිනන්න පුලුවන් නම් මොනවත් නොකර පාවෙන්න බලන්න .(බඩ උඩට එන විදියට ඉන්න – අඩුම ගානේ එකවත් බැරිනම් හොදම දේ නාන්නේ යන්න නැතුව ඉන්න එක)

 

ටික දුරක් ගිහිල්ලා දියවැලේ සැර අඩුවෙයි.පුලුවන් නම් උදව් ගන්න.නැත්තන් බිච් එකෙන් සාමාන්තරව දියවැලෙන් එලියට පිනලා ගොඩට යන්න.ලගම තියෙන රැල්ල කැඩෙන තැනට පීන්නන්න ගොඩක් වෙලාවට එ කියන්නේ දියවැල ඉවරවෙන තැන .හොදටම පින්නන පුලුවන් නම් දියවැලට අහූවුන ගමන් බිච් එකට සමාන්තරව පීනලා දියවැලෙන් ගැලවෙන්න.තව පොඩි දෙයක් පූල් වල පීනන එකෙයි මුහුදේ ,ගගේ පීනන එකෙයි ලොකු වෙනසක් තියෙනවා බ්රෝ.එක නිසා පරිස්සමෙන්.

 

මොනවා කරත් වැඩෙ පපඩම් නම්,

 

යනවා යනවා පීනනවා පීනනවා ඉවරයක් නැත්තන් බ්රෝ.කරන්න තියෙන්නේ එකම දෙයයි.පීනන්න එක නවත්තලා පාවෙන එක.එකෙන් ශක්තිය ඉතුරු කරලා දෙනවා වගේම අලුත් පරීක්ශන වලින් සොයාගෙන තියෙනවා මිනිත්තු කිහිපයකින් දියවැලම ඔබව බිච් එක පැත්තට එනවා කියලා.හැබයි වැඩෙ හරියටම සුවර් නෑ.කරන්නම දෙයක් නැත්තන් අන්තිම තුරුම්පුව විදියට ඒක භාවිතා කරන්න.

 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න