එක්සයිස් කරලා සල්ලි හොයන විදිය දන්නවද?

එක්සයිස් කරලා සල්ලි හොයන විදිය දන්නවද?
එක්සයිස් කරලා සල්ලි හොයන විදිය දන්නවද?

එක්සයිස් කරලා සල්ලි හොයන විදිය දන්නවද?

මේ කියන්න යන දෙවල් පොඩි කාලේ ඉදන්, ඉස්කෝලේ ඉදන් , බස් එකේ ,පාරේ මගතොට දහස් වතාවක් ටීවි රේඩියෝ පත්තර ෆෙස්බුක් එකේ අරහේ මේහේ කියන බලන දකින හැමතැනම දැකලා ඇති අහලා ඇති හැබයි පුතී මේ වැඩේ වෙන්නේ නැත්තන් කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ එලොව යන්නම කෙලවෙනවා. මොකක්ද මේක? එක්සයිස් කරන්නේ නැති එක තමයි මේක.ඇත්තටම එක්සයිස් කරන එකෙන් බ්රෝ කෙනෙක්ට සල්ලි හොයන්න පුලුවන්ද?

 

නොම්බර 10 – නින්ද නැති රැයේ?

 

අනුග්‍රාහකත්වය

සතියට තුන් හතර පාරක් දවසට මිනිත්තු 20ත් 30 ත් අතර ගානේ එක්ස්ස්යිස් කරන්න පුලුවන් නම් බබා වගේ නිදාගන්න පුලුවන් බ්රෝ.හැබයි එක්සයිස් කරන කොට උදේ හරි හවස හරි කරන්න මතක තියාගන්න.නිදාගන්න ලංවෙලා කරන්න ගියොත් පුතී දැනට තියෙන නින්දත් නැතිවෙන්න පුලුවන්.හරි වෙලාවට නින්ද යන නිසා කරන්ට් එකට වැඩිපුර ගෙවන්න ඕනේ නෑ.සල්ලි ඉතුරුයි බ්රෝ.

 

නොම්බර 9 – කොල්ලා වගේ හැමදාම

 

අවුරුදු 30 උනාට පස්සේ ඔක්කෝම අයියලගේ එක්සයිස් කිරීමේ හැකියාවා 10කින් විතර අඩුවෙනවලු.එ කාලේ උනාට පස්සේ වැඩිය සෙල්ලන් දාන්න බෑ.එක නිසා තාම අඩුවයසේ ඉන්න බ්රෝලා දැනගන්න දැන්නම හදාගන්න දෙවල් එක්සයිස් කරලා හදාගන්න.එහෙම කරොත් පස්සේ පසුතැවෙන්න ඔනේ නෑ බ්රෝ.තරුනකම රැදෙන නිසා තරුනකම එලියට පෙන්නන්න වැඩි ගානක ඇදුම්,හෙයාර් ඩයි,අනංමනන් ගන්න ඔනේ,ෆෙශල් අලුතෙන් ඕනවෙන්නේ නෑ.එක නිසා සල්ලී ඉතුරුයි බ්රෝ.

 

නොම්බර 8 – ටකස් ටක්ස් වෙන්නේ නෑ.

හරියට එක්සයිස් කරොත් ඇග ඇතුලේ මසල්ස්,බෝන්ස් ,ජොඉන්ට්ස් හරියට වැඩ කරන නිසා ලෙහෙසියෙන් කැඩෙන්නේ නෑ.හැමදාම කරන එක්සයිස් වලින් මේ දේ කරගන්න පුලුවන්.හැබයි පොඩ්ඩක් බැහැලා මහන්සී වෙලා වැඩකරොත් තවත් ශක්තිමත් මසල්ස් බෝන්ස් හදාගන්න පුලුවන් වගේම වයසට යනකොට අත්වාරු ඕනවෙන එකක් නැතිවෙයි.එක නිසා හරියට එක්සයිස් කරොත් පොඩ්ඩක් එහේ මෙහේ වෙන්න බෑ ඇදීම්,තැලීම් ඇතිවුනොත් අම්මො කියාගෙන ඩොක්ටර් ගාවට යන්න ඔනේ නැති නිසා ආයෙත් සල්ලි ඉතුරුයි.

 

නොම්බර 7 – ලෙඩ නෑ බ්රෝ

 

මැශින් එකක් උනත් එක තැන ඔහේ තිබ්බොත් ටික දවසකින් හරියට වැඩකරන්නේ නෑනේ එකෙක ලෙඩ එන්න පටන් ගන්නවනේ.එ වගේ තමයි බ්රෝ අපේ ඇගත් ඔහේ මොනවත් නොකර තිබ්බොත් ලෙඩ වාට්ටුවක් වෙනවා.වැඩ,වෙලාව නෑ කියලා හොර පූසා වගේ කකාබිබී ඉන්නවා නම් දැන්ම ඉස්පිරිතාලේ ඇදක් වෙන්කරලා තියගනින් පුතී.එහෙම කරගන්න ඔවනාවක් නැත්තන් අදම මේ දැන්ම ප්ලැනක් ගහගන්න එක්සයිස් ටික ටික හරි පටන් ගන්න.

 

නොම්බර 6 – මට මතක නෑ.

 

මේ ලෙඩේ හැදෙනවා කියන්නේ උඹ ඉවරයි කියන එක.ගර්ල්ෆ්රෙන්ඩ් ගේ උපන්දිනේ, වෙඩින් ඇනවසරි එක වගේ දෙවල් අමතක උනාට ජොබ් එකේ වැදගත් දෙවල්,එක්සැම් කරනවා නම් එවල දෙවල් අමතක වෙනවා කියන්නේ ලෙඩක්.හැබයි උඹ දිනපතා එක්සයිස් කරන ඩයල් එකක් නම් ගින්දර වගේ ඕනම දෙයක් මතක තියාගන්න සුපර් පවර් එකක් හම්බෙයි.උදාහරනයක් විදියට විනාඩි 45ක් ගානේ සතියකට තුන්පාරක් විතර ඇවිදින කෙනෙක්ගේ මොලේ වැඩකිරිමේ වේගය වැඩි කියලා හොයාගෙන තියෙනවා.

නොම්බර 5 – කන්ෆිඩන්ස් එක ඔනේද? නැද්ද?

මෙහෙම අහමුකෝ උඹට උඹ ගැන සතුටු වෙන්න පුලුවන් වෙන්නේ කම්මැලියෙක් වගේ මොනවහරි තියෙන දෙයක් බෙදාගෙන කකා ටිවි එක ඉස්සරහට වෙලා ඉන්න එකටද? නැත්තන් දාඩිය එන්න එක්සයිස් ටිකක් කරලා විදුරුව ඉස්සරහට ගියාම තමන්ගේ බොඩි එක ශෙප් වෙලා මස්ලස් දාලා එනකොටද? ආයෙත් අහන්න දෙයක් නෑනේ.ශක්තිය තියෙන එකට නිකම්ම ඔනෙම කෙනෙක් කැමති.විශෙෂයෙන්ම කෙල්ලෝ. එක නිසා කන්ෆිඩන්ස් පිට ඉන්න ඔනේ නම් එක්සයිස් කරපන් බ්රෝ.හොඳ කන්ෆිඩන්ස් එකක් තියෙනවා කියන්නේ හොද ජොබ් එකක් ගන්න එක ලොකු ගෙමක් නෙමෙයි කියන එක.එක නිසා ආදායම් වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ බ්රෝ.

 

නොම්බර 4 – හම්මෝ බෑ, දැන් ඇති..

 

ඔය වචන සෙට් එක කියන එකෙක් හරි ඉන්නවා ට්‍රිප් එකක් ගිහිල්ලා කන්දක් හරි,මොකක් හරි යන්න ගියාම.එක්කෝ ඌ තඩි බතලයෙක් එක්කෝ පට්ට කම්මැලියෙක්.හැබයි ඌවත් කොහොමහරි අරගෙන ගමන ගියාට පස්සේ අපි ඔක්කොටම වඩා රිලැක්ස් වෙන්නේ මිනිහා.හේතුව තමන්ට කරගන්න බෑ කියලා නවත්වන්නේ නැතුව දෙයක් කොහොමහරි කරාට පස්සේ එ එන සතුට,දරාගැනිමේ හැකියාව,ශක්තිය වෙන කාටවත් දැනෙන්නේ නෑ.එකනිසා එක්සයිස් කරන කොට තව කරගන්න බෑ කියලා එන තැනදී නවත්වන්න එපා.ඊට පොඩ්ඩක් එහාට පුශ් කරලා නවත්වන්න.දවස ගානේම මේක කරොත් දන්නේම නැතුව ලොකු ලෙවල් එකකට යන්න පුලුවන් බ්රෝ.

 

නොම්බර 3 – වැදගත්ම දේ සෙක්ස්ස්ස්…

 

කව්රුත් කැමතී නෑනේ තමන්ගේ සෙක්ස් ලයිෆ් එක කෙලවෙලා යනවට.එක නිසා හොද සෙක්ස් ලයිෆ් එකක් තියාගන්න නම අනිවාරයෙන්ම එක්සයිස් කරන්නම වෙනවා.එකක් එකෙන් ටෙස්ටෙස්ටරෝන් හොමොනය වැඩිවෙන නිසා වැඩේ හොදට වෙනවා වගේම ලේ ගමනාගමනය අවශය තැනට හරියට යන නිසා පෙතිනැතිව,කැමති විදියට වැඩේ කරගන්න පුලුවන්.මේහෙම හරියට වැඩටික වෙනවා කියන්නේ පවුලම හොදින් සතුටින් ඉන්නවා කියන එකනේ.එක ඉතින් සල්ලි ඉතුරු කරනවට වඩා වටිනවා.

 

නොම්බර 2 – ස්ට්‍රෙස්, ස්ට්‍රෙස්, ස්ට්‍රෙස්

 

ජොබ් එකේ වැඩ නිසා ,එක්සැම් නිසා ඇතිවෙන ස්ට්‍රෙස් අඩුවෙනවා.මේක වෙන්නේ එක්සයිස් කරාට පස්සේ පැය එකහාමාරක් පැය දෙකක් යනකන් ඇග රිලැක්ස් වෙන්න එන්ඩ්‍රෝපීන්ස් නැමැති හොර්මොනයක් ඇඟ ඇතුලේ හැදෙන නිසා එකෙන් ස්ට්‍රෙස් එක අඩුවෙනවා.එ වගේම කෑම රූචිය වැඩිකරන නිසා බඩගින්නේ ඉන්න වෙන්නේනෙත් නෑ.ස්ට්‍රෙස් අඩුයි කියන්නේ ඔක්කොම තීරන හරියට ගන්න පුලුවන් කියන එකනේ එ කියන්නේ වැරදී තීරන නිසා නාස්තිවෙන සල්ලි ඉතුරු වෙනවා කියන එකනේ බ්රෝ.

 

නොම්බර 1 – රිසක් ෆ්‍රී

 

හැදෙන්න පුලුවන් ඔක්කොම ලෙඩ ටික හැදෙන එක අඩුවෙනවා කියන එක තමයි වෙන ලොකුම දේ.කකා එකතැනකට වෙලා උදේ 8-5 ජොබ් කරන බ්රෝලාට නම් මේක ගොඩක් වැදගත්.දියවැඩියාවෙන් පටන් ගත්තාම,අධී රුධිර පීඩනය,කොලොස්ටරෝල් ,හාර්ට් ඇටෑක් , ආතර්යිටීස් ,කැන්සර් එකි නොකි මෙකි හැම දෙකින්ම ආරක්ශා වෙන්න අදම පටන් ගන්න එක්සයිස් කරන්න.අර ස්කැන් ,මේ ටෙස්ට් කියලා ලැබ් ගානේ රිංගන්න ඔනේ නැතිනිසා එක්සයිස් කරොත් එකෙන්ම සල්ලි ඉතුරුයි බ්රෝ.

 

මෙච්චර දෙවල් කියවලත් තාම කරන්න හිතෙන්නේ නැද්ද? වෙලාව නැද්ද? එහෙනන් හිතන්න මේ විදියට.මොනවත් නොකර කෙලවෙලා හොස්පිට්ල් ගානේ වැටිලා ඉන්න උනොත් බ්රෝ මොකද වෙන්නේ? ජිවීතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි කියලා මතක තියාගෙන අදම එක්සයිස් කරන්න පටන් ගමූ.

 

කන්ෆිඩන්ස් හදාගන්න අමුතු ක්‍රම බලන්න මෙතන ක්ලික් කරන්න බ්රෝ.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න