ටැටු ගැන හරියට දන්නවද?

ටැටු ගැන full
ටැටු ගැන full

ටැටු ගැන
ස්ටෙප් 01.
ටැටු ගැන මුලු විස්තරෙට කලින් කරන්න ඕනේ පලවෙනී දේ එක ආරක්ශාකාරීව ටැටු එකක් කරන්නේ කොහොමද කියලා දැනගන්න එක.හේතුව අලුත් ටැටු එකක් කියන්නෙ ඇත්තටම සමේ තියෙන තුවාලයක්.සමේ ඇත්වෙන කැපුම්,සීරුම් තුවාල වගේම ටැටු එකටත් විශබීජ ඇතුල් වෙලා වැඩේ දෙල් වෙන්න පුලුවන්.
එ නිසා රිස්ක් එකක් අරන් කරන වැඩේ හරියට කරන එක වැදගත් අවදානමට පෙර සූදානම හොද නිසා හෙපටයිටිස්( පිටගැස්ම) එන්නත ලබාගන්නෙ කොහොමද?ඇතිවෙන්න පුලුවන් ඇලජික් මොනාද ටැටු එක ඉන්ෆෙක්ට් උනොත් බෙහෙත් ගන්න පුලුවන් හොඳම තැන් ගැන දැනගෙන ඉන්න.

 

ස්ටෙප් 02.

අනුග්‍රාහකත්වය

එ වගේම ටැටු එක ගහන්න කලින් ඔබට යම් කිසි රෝගි තත්වයන් තියෙනවනන්(උදා- දියවැඩියාව,සමේ ඇතිවන ඇලජික් තත්ව,) අනිවාර්යෙන්ම ඩොක්ටර් කෙනෙක් හම්බෙලා උපදෙස් ගන්න. තවත් දෙයක් ඔබේ සමේ තුවාලයක් හොද උනාට පස්සේ හොද වෙන කොට සමේ අසාමාන්‍ය වර්ධනයක් තියෙනවා නම් ටැටු ගහන්න කලින්  අනිවාරයෙන්ම ඩොක්ටර් කෙනෙක්ගෙ උපදෙස් ගන්න බ්රෝ.

 

 

ස්ටෙප් 03.

ඊලගට වැදගත්ම දේ ඩිසයින් එක.හොදට මතක තියාගන්න එ ඩිසයින් එකත් එක්ක ඕනේම තැනකට යන්න පුලුවන් වෙන්නත් ඕනේ වගේම මැරෙනකන් තියාගන්න වෙන නිසා හොදට හිතලා තීරනයක් ගන්න. තාවකාලික ට්ර්‍රෙන්ඩ් එකට් ටැටු ගැන තිරනය කරන්න එපා.එ වගේම තමන්ගෙ ඉතාටික කාලෙකින් නැතිවෙලා යන්න පුලුවන් දෙවල් මත තිරනය කරන්නත් එපා.(උදා- තමන්ගේ පෙම්වතියගෙ නම් 😛 ) අකුරු ඩිසයින් එහෙම තොරනවා නම් පොඩ්ඩක් මතක තියාගන්න පහල පින්තුරේ තියෙනවා වගේ දෙවල් වෙන්න පුලුවන්.

 

 තමන්ට කැමති ඩිසයින් එකේ පොඩි කටුසටහනක් අදින්න.තොරගත්ත ඩිසයින් එකෙ තේරුම එහි ගැඹුර ඔබම තිරනය කරන්න.අනික් අයගෙන් උපදෙස් ගත්තට උබේ ටැටු ගැන ඩිසයින් එකෙ අන්තිම තිරනය ඔබම ගන්න.එක නිසා ටැටු ගැන පට්ට රිසච් එකක් කරොත් නියම ඩිසයින් එකක් ගැන අයිඩියා එකක් එයි.

 

 

ස්ටෙප් 04.

ඊලගට තොරගන්න ඔබේ ඩිසයින් එක ටැටු එකක් විදියට කොහෙද ගහන්නේ කියලා.කොතන ගැහුවත් වැඩිය ලොකුත් නැති ගොඩක් පොඩිත් නැති ශෙප් සයිස් එකකින් ගහන්න.පාටතියෙන ඩිසයින් එකක් නම් හොදම දේ එක ටැටු ආටිස් එක්කත් කතාකරලාම තිරනයකට එන එක. ඉතින් ඊලග සීන්කොන් එක බ්රෝ හරියන ටැටු ආටිස්ට් කෙනෙක් තෝරගන්න එක.හොදම දේ මාස හතර පහකට කලින් ටැටු එකක් ගහපු බ්රෝ කෙනෙක් ගෙන් තැන අහගන්න එක.මේ වැඩේට නම් වියදම් උනත් පාඩු නෑ.

 

මොකද හරි ආටිස්ට් කෙනෙක් හොයගත්තේ නැත්තන් හොදම දේ ටැටු එක නොගහ ඉන්න එක.එක නිසා ටැටු ස්ටුඩියො තැන් කිහිපයක් තෝරගෙන ගිහිල්ල බලන්න තමන්ට හරියන හොදම තැන,පිරිසිදුකම,කලින් එ තැන් වලින් ටැටු ගහපු කට්ටියගෙ රිවීව්ස්. වැදගත්ම දේ බලන්න,චෙක් කරන්න ඔවුන් වීශබීජහරනයට මොනවගේ තැනක්ද දෙන්නේ කියලා.පුලුවන් නම් මැශීන් එහෙම චෙක් කරලා බලන්න.

තැන තීරනය කරාට පස්සේ ඔබට ඕන ඩිසයින් එක,ගාන වගේ හැමදේම කතාකරගන්න.එ වගේම ටැටු එක ගහන තැන ශෙව් කරන්න එහෙම යන්න එපා.එක ආටිස්ට කරන්න දෙන්න.ඔබ කරන්න ගිහිල්ල සම ඩැමෙජ් උනොත් සොරිම තමා.

ටැටු ගැන

වැඩේ වෙන විදියේ ජෙනරල් අයිඩියා එකක් මේ, තැනින් තැනට පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන්. 

*ටැටු ආටිස්ට් විෂබීජ නැතිකරන සබන් වලින් අත්පිරිසිදු කරගනී.

*ඊට පස්සේ ටැටු එක ගහන තැන පිරිසිදු කරයි.

*ටැටු ආටිස්ට් අලුත් පිරිසිදු ග්ලවුස් දෙකක් දාගනී.ගොඩක් වෙලාවට මාස්ක් එකකුත් දාගනී.

*විෂබීජහරනය කරන විදිය ගැන ඔබට උපදෙස් දීලා අලුත් එකවතාවක් යුස් කරන උපකන අරගෙන වැඩෙපටන් ගනී.(ඉදීකටු වගේ දෙවල්)

*ටැටු මැශින් එකට එ ඉදිකටුව හයිකරලා සමේ අවුට්ලයින් එක අදින්න පටන් ගනී.

*ඊටපස්සේ අවුට්ලයින් එක නියමිත දෙවල් දාලා පිරිසිදු කරයි.

*පොඩ්ඩක් මහත කටුවක් යොදාගෙන ටැටු එක ශෙඩ් කරන්න පටන් ගනී.ඉටපස්සේ ආයෙත් පිරිසිදුකරලා පාට ඉන්ජෙක්ට් කරයි.එක අලුත ඉන්ක් බොතලයක් වෙන්න ඕනේ.

*ලේ එහෙම ආවොත් ටවල් එකකින් රෙදි කැල්ලකින් අයින්කරයි.

*ඉවර උනාට පස්සේ ටැටු එරියා එක පිරිසිදු කරලා බැන්ඩෙජ් එකක් දායි.

 

 

ස්ටෙප් 05.

ටැටු එක ගහන වෙලාවෙදී කොතනක් හරි,පොඩි තැනක හරි පොඩි ඇදයක් ,අකමැති විදියට උනොත් එවෙලේම ආටිස්ට කියන්න.මොකද වැරදී දෙයක් උනොත් එක ජීවිත කාලෙම එකත් එක්ක ඉන්න වෙනවට වඩා හොදයි කලින්ම කියලා වරද නිවැරදි කරගන්න එක.රිලැක්ස් එකේ ඉදලා වැඩේ කරගන්න.පොඩ්ඩක් රිදෙනවා තමයි .වෙන දෙයක් ගැන හිතන්න.නැත්තන් සිංදුවක් කියාගන්න.මොනවා කරත් ටැටු ආටිස්ට් කියන විදියට ඉන්න.නැත්තන් වැඩේ දෙල් වෙන්න පුලුවන්.

 

 

ස්ටෙප් 06.

ටැටු එක ගහලා ඉවර උනාට පස්සේ..

කියන විදියටම උපදෙස් පිලිපදින්න.පන්ඩිත වෙලා වැඩෙ අලකරන් පස්සෙ නාහෙන් අඩලා වැඩක් නැ බ්රෝ. ටැටු එක හොද වෙන්න කලින් දැඩි වෙදනාවක්,අදික ඉදීමීමක් වගේ සීන් එකක් වෙනවා නම් අනිවා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න.

*ටැටු එක ඔතපු බැන්ඩෙජ් එක පැය දෙකක් විතර එහෙම්ම තියගන්න.

*ටැටු එක අල්ලන්න නම් යන්න එපා පුතී.

*වීශබීජ විනාශ කරන සබන් වලින් විතරක් ටැටු එක හොදන්න.හැබයි ඇල්කොහොල් හරි පෙරොක්සයිඩ් හරි යුස් කරන්න එපා.එකෙන් ටැටු එකෙ පෙනුමට කෙලවෙන්න පුලුවන්.එ

*ඉදිමිමක් වගෙ තියෙනවා නම් අයිස් පැක් එකක් තියන්න ඉදිමුම අඩුවෙන්න.

*ටැටු එක හරියට හොද වෙනකන් පුලුවන් තරම් පුල් වලින්,මුහුදෙන්,හොට් ටබ් වලින් ඇත් වෙලා ඉන්න.

*එ වගේම ටැටු එක හිරු එලියෙන් ආරක්ශා කරගන්න.හොද උනාට පස්සෙත් හිරුවෙලියෙන් ටැටු එක ආරක්ශාකරගන්න මතක තියාගන්න.

 

Caption: “Ink the left leg or leave it bare? ?? @clint_chadwick”

A post shared by Tattoos Of Instagram (@tattoos_of_instagram) on

ලංකාවෙ දැනට ඉන්න පට්ට ටැටු ස්ටුඩියො එකකට යන්න මෙතන ක්ලික් කරන්න   .

කන්ෆිඩන්ස් හදාගන්න අමුතු ක්‍රම බලන්න මෙතන ක්ලික් කරන්න.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න