බාබර්කියු එකෙදී අඟුරු වැඩේ කරන්නේ කොහොමද?

බාබර්කියු එකෙදී අඟුරු වැඩේ කරන්නේ කොහොමද?
බාබර්කියු එකෙදී අඟුරු වැඩේ කරන්නේ කොහොමද?

මුලින්ම උඩ ලිඩ් එක ඇරලා ඉට පස්සේ බාබර්කියු ග්‍රිල් එකේ දැල අයින් කරන්න.එකෙන් අඟුරු දාන තැන පිරිසිදු  කරන්න පුලුවන්.

 

අනුග්‍රාහකත්වය

අඟුරු දාන පියන සහ කලින් බාබර්කියු එකේ  ඉතුරු වෙලා තියෙන අඟුරු සියල්ල ඉවත් කරන්න.

 

ග්‍රිල් එකේ යට තිබෙන වැල් එක අරින්න . මේකෙන් වෙන්නෙ ඔක්සිජන් වාතය ඇවිල්ලා අඟුරු අවශ්‍යය  ගානට  පිච්චෙන එක. හැබයි බාබර්කියු හදන්න පටන් ගන්න කොට වැල් එක පොඩ්ඩක් වහන්න වෙනවා මොකද බාබර්කියු එක ඔනවට වඩා රත්වෙන්න පුලුවන් නිසා.එ වගේම ග්‍රිල් එක උඩ ලිඩ් එකෙනුත් අවශ්‍යය ගානට ගින්දර පාලනය කරගන්න පුලුවන්.

 

අඟුරු සහ ලී කැබලි යන දෙකම ග්‍රිල් එකක ඉන්ධන විදියට යුස් කරන්න පුලුවන්.ඔන්ල්යින් ගන්න ඕනෙ  නම් මෙතන ක්ලික් කරන්න.සාමාන්‍යයෙන් ලී අඟුරු ඉතා ඉක්මනින් පිච්චිලා යනවා.එ වගේම කැම වල නියම රස ගන්න මේ දෙකම භාවිතා කරන්න පුලුවන් නම් නියමයි.

 

අඟුරු පිරමිඩයක් විදියට මුලිනම හදාගන්න.එ විදියට කරාම උශ්නත්වය ඉක්මනින් වැඩි වෙලා අගුරු ඉක්මනින් රත්වෙනවා.දර අගුරු සහ අගුරු මික්ස් කරලා පිරමිඩ් එක හදාගන්න.හැබයි සීතල හෝ තෙත් පරිසරයක් නම් තියෙන්නෙ ලොකු වෙලාවක් අවශය රස්නේ ගන්න අඟුරු වැඩියෙන් බාවිතා කරන්න.

 

ඊලගට තියෙන්නෙ ගිනිගන්න පහසු කරවන දෙයක් අගුරු වලට ඉසින එක.ලෙහෙසිම දෙ භුමීතෙල් හැබයි ගඳ තමයි පොඩ්ඩක් අවුල්.එහෙම ඉහලා විනාඩි 4ක් 5ක් ඉන්න එටික අඟුරු  ටික ඌරාගන්නකන්.භුමිතෙල් පෙට්‍රල් නැත්තන් කරන්න තියෙන්නෙ.පරන පත්තර කොලයක් අරගෙන එලවලු තෙල් වල පොඟවලා අගුරු පිරමිඩ් එක යටින් දාලා පත්තුකරන එක.

 

විනාඩි 4කට 5කට පස්සේ ආයෙත් කලින් දාපු ලික්වීඩ් එක දාන්න.එහෙම කරාම ඉක්මනට අගුරු ටික පත්තු වෙනවා.

 

ඊලගට තියෙන්නෙ ගිනිතියන්න.භුමිතෙල් හරි වෙන මොනවහරි කලින් දාල තියෙන හින්දා පොඩ්ඩක් බලාගෙන එක පාරම ගිනිගන්න පුලුවන්.අගුරු පිරමිඩ් එක පැති තුනකින් විතර ගිනිතියන්න.

 

අගුරු ටික විනාඩි 10 ත් 15 ත් අතර කාලයක් ගිනිගන්න අරින්න.අගුරු ටික හොදට රත්වෙලා ගින්දර අඩුවෙලා යයි.අගුරු මැද රතුපාට වෙලා වටේ අලුපාටට අලුතියෙනවා නම් එ කියන්නේ කුක් කරන්න වෙලාව.

හොදට මතක තියාගන්න ගින්දර නැතිවෙලා අගුරු ටික සෙට්ල් වෙන්න කලින් කැම රත්කරන්න ගත්තොත් කන්න වෙන්න භුමිතෙල් හරි පෙට්‍රල් රස එන කැම තමයි.එක නිසා ගින්දර අඩුවෙනකන් ඉවසන්න.අනිත් එක තමයි අගුරු ගිනිගන්න පටන් ගත්තට පස්සේ භුමි තෙල් හරි වෙනත් ගිනිගන්න ලික්විඩ් දාලා වැඩක් නැ.

 

ඊලගට කරන්න තියෙන්නේ රත් කරපු අගුරු ටික විසුරුවා ගන්න එක.විසුරුවා ගන්නවා කිව්වම ග්‍රිල් එක පුරාම කරන්න ඔනේ නැ ,කැම ටික රත් කරන හරියෙ විසිරුව ගත්තම ඇති.එලවලු හෝ චිකන් වගේ සිහින් මස් වලට එකවගේ අගුරු විසිරුවට.බීෆ් වගේ තද මස් නම් අගුරු විසිරුවන කොට එක පැත්තක අඟුරු වැඩියෙන දාන්න.කුක් කරන්න පටන් ගන්න අඟුරු වැඩි පැත්තෙන් ඊටපස්සෙ ඔබට අවශය ගානට කුක් උනාම අගුරු අඩු පැත්තට දාලා වැඩෙ ඉවර කරන්න.

 

දැන් ඔක්කොම සුද්ධ කරලා ගිනිතියලා විසිරුවලානෙ තියෙන්නෙ.කරන්න තියෙන එකම දේ ග්‍රිල් එකේ දැල දාලා බාබර්කියු එක පටන් ගන්න.

 

මතක තියාගන්න බාබර්කියු ග්‍රිල් එකක් හරියට නිවන්නේ නැතුව කවදාවත් ගේ ඇතුලට ගන්න එපා.හේතුව අගුරු ගිනිගන්නකොට ඇතිවන කාබන්මොනොක්සයිඩ් වායුව මිනිස්සුන්ට අහිතකර වීමයි.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න