කන්ෆිඩන්ස් හදාගන්න අමුතු ටිප්ස්

ජොබ් ඉන්ටවිව් එකක් ෆෙල් වෙන්න, බිස්නස් එකක් අනාගන්න, කෙල්ලෙක්ගෙන් කැමත්ත අහන්න ගිහිල්ලා ඉල්ලන් කන්න වගේ ගොඩක් දේවල් අපේ බ්රො ලාට අවුල් වෙන්නේ කන්ෆිඩන්ස් නැතිඋනොත් නැත්තන් සින්හලෙන්ම කිව්වොත් ආත්ම විශ්වාසය නැතිඋනාම.මෙ කන්ෆිඩස් අඩුකම හදාගන්න තියෙන අමුතු හැබයි විද්යානුකුල ටිප්ස් ටිකක් තමයි මේ.

 

01.සුපර් මෑන් වෙන්න.

superman

හාවඩ් බිස්නස් ස්කුල් එකෙන් කරපු රිසච් එකකින් පෙන්වලා දීලා තියෙනවා අපේ පෝස් එක එහෙම නැතිනම් අපි ඉන්න විදිය අනුව අපෙ මුඩ් එක වෙනස් වෙන බවට.හැමොටම සුපර් මැන් වෙන්න බැරි උනාට අපි හැමොම දන්නවා සුපර් මැන් පෝස් කරන විදිය. මතක නැත්තන් ඔය පික්චර් එක බලන්න . (පපුව ඉස්සරහට දාලා අතමිට මොලවලා ඉන දෙපැත්තෙ තියාගෙන හරිකෙලින් බලාගෙන ඉන්න එක ) මෙ විදියට සුපර් මැන් ගේ පෝස් එකෙන් ඉන්නවා කියන්නේ ඔහු බලය,ආතම විශ්වාසය සහ ජයග්‍රහනය යන දෙවල් නිරුපනය කරන්නේක්.ඔබට කන්ෆිඩන්ස් අඩු යයි හිතෙන වෙලාවක විනාඩි දෙකක්  පවර් පෝස් එකෙන් හිටියොත් ඔබේ ටෙස්ටොස්ටරොන් හොමොනය 8% කින් විතර වැඩිවෙලා ස්ට්‍රෙස් ලෙවල් එක 25% කින් විතර අඩුවෙන බව රිසර්ච් එකෙන් හොයගෙන තියෙනවා. 

 

02.නියම ටුල්ස් නියම විදියට

 

නාන්න – පිරිසිදු වෙන්න,හරියට ශේව් කරන්න, හරියට ගානට මිම්මට ෆිට් එකට තැනෙ හැටිඅයට අඳින්න පලදින්න බ් රො, පුලුවන් නම් දවසගානේ එක්සයිස් කරන්න.එහෙම කරොත් ඔනේ තැනකට බය නැතුව යන්න පුලුවන්.ඊට අමතරව තමන්ටම කතාකරන්න. මට පුලුවන්,මම කොහොමහරි කරනවා වගේ පොසිටිව් දෙවල් උදේ පාන්දර කන්නාඩිය ඉස්සරහ මුහුන හොදලා ඉවර උනාම තමන්ටම කියාගන්න.වැඩේ ටිකක් අමුතුයි තමයි හැබයි අනිවා වැඩ කරනවා.

 

03.සිස්ටම් එක ශොක් කරන්න

ජනප්‍රිය ෆුට්බොල් ප්ලෙයර් ක්‍රිස්ටියනො රොනාල්ඩොව දන්නවනේ? ඔහු සැම ප්‍රැක්ටිස් සෙශන් එකක්ම ඉවර වෙලා අයිස් බාත් එකක් දාන බව දන්නවද? නැනේ. ඇත්තටම එකෙන් වෙන්නේ ගෙවිගිය ශක්තිය ආයෙත් ලබා ගන්න එක ඉක්මන් වීම.එකෙන් ඇත්තටම ඔබෙ මුලු ස්නායු පද්ධතියම එකම එකපාරම ශොක් වෙලා යලි යතාතත්වයට පත්වෙනවා වගේම රුධිර ගමනාගමනය යහපත් වෙලා ස්ට්‍රෙස් එක අඩු වෙනවා.ආයුර්වෙදෙට අනුව ප්‍රතිශක්තිකරන පද්ධතියත් යහපත් වෙන්න බලපානවලු.හැබයි අයිස් බාත් කියලා වැඩි වෙලා ඉන්න ඔනේ නෑ සතියට කිහිපවරක් විනාඩි 3 ගානේ හිටියනන් හොදටම ඇති.

 

04.ගඳෙන් තුරන්වෙමු

 

ඔබේ දාඩිය ගඳ තව කෙනෙක්ට දැනෙන්නේ ඔහු හෝ ඇය ඔබ ලග හිටියොත් විතරයි කියලා නම් ඔබ හිතන් ඉන්නේ එක ඇත්තටම වැරදී අදහසක් .එකට හේතුව තමයි දහඩිය ගඳ ඔබේ කන්ෆිඩන්ස් එකට බාධාවක් වන බව ලිවපූල් විශවවිද්යාලය මගින් කරපු පරීක්ශනයකින් තහවුරු වීම. “මේ පරීක්ශනය සදහා කාන්තාවන් යොදාගෙන ඇති අතර පිරිමින් සිටින විඩියෝ එකක් හරහා හොදටම කන්ෆිඩන්ස් ඇති හා ඇදගන්නා සුලුම පිරිමින් කවුරුන්ද යන්න ඔවුන්ගෙන් අසා ඇත. එවිට හෙලිවි ඇත්තේ දාඩිය ගඳ අඩු පිරිමින් හොද කන්ෆිඩන්ස් එකකින් විඩියො එකේ සිටින බවත් ඔවුන් කාන්තා සිත් ඇදගන්නා බවත්ය.”

 

05.හරියටම හරි පර්ෆියුම්

 

ඉක්මනින්ම කන්ෆිඩන්ස් ගොඩ දාගන්න තියෙන ලෙහෙසිම ක්‍රමයක් තමයි අමාරුවෙන් තෝරලා බේරලා අරගත්ත පර්ෆියුම් එකක් යුස් කරන එක.(තමන්ට අවශය හොදම පර්ෆියුම් එකක් හොයගන්නේ කොහොමද කියලා දන්නේ නැත්තන් මෙතන ක්ලික් කරන්න.)දාඩිය ගඳ ඔබේ කන්ෆිඩන්ස් එක අඩු කරනවා වගේම පර්ෆියුම් එකේ සුවඳ ඔබේ කන්ෆිඩන්ස් එක වැඩිකරනවා ආයේ කතා දෙකක් නෑතුව. එකට හෙතුව වන්නේ ඔබේ මොලේ ස්නායු පද්ධතිය උත්තෙජනය වීමෙන් ඔබට ලැබෙන පොසිටිව් මොඩ් එක.ඔබට හරියටම හරි පර්ෆියුම් එක තෝරගන්න විදිය ඕනෙ නම් මෙතන ක්ලික් කරන්න 

 

06.අරමුණක් ඇතිව වැඩ 

 

ඔෆිස් එකේදී,ඉන්ටවිව් එකෙදී,හොඉ වෙනත් ඔනේම කෙනෙක් වෙත ඔබ ඇවිදයන්නේ නම් අරමුණක් ඇතුව එහි ඇවිදින්න.එවිට ඔබ එ අරමුනට ෆොකස් වෙන නිසා කන්ෆිඩස් පිට එ අරමුන ඉටු කරගැනිමට හැකියාව ලැබෙනවා.හැබයි ඔබ ඉන්න තැන ඔක්කොම අවුල් වෙලා,හො අවුල් වෙන්න යනවා වගේ දැනෙනවා නම් එ පරිසරයෙන් මිදිලා විනාඩි 20-30ක්  ඇවිදින්න.එකෙන් ඔබේ මාංශපෙශින්ට අවශය ශක්තිය ලැබෙනවා වගේම ඔබේ කන්ෆිඩන්ස් එක ඉහල නංවයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here