සර්පයෙක් දෂ්ඨ කරොත් කරන්න ඔනේ දේ

සර්පයෙක් දෂ්ඨ කරොත් කරන්න ඔනේ දේ
සර්පයෙක් දෂ්ඨ කරොත් කරන්න ඔනේ දේ

ඉස්සර වගේ නෙමෙයි දැන් අපේ බ්රෝලා ඔක්කොම වගේ ඉන්නෙ ලොන්ග් වීක් එන්ඩ් එකක් එනකන් කොහේ හරි කන්දක හරි,ඇල්ලක හරි, කැලෙක හරි ඇඩ්වෙන්චර් එකක යන්න.වැඩෙනන් ආතල් තමා හැබයි …මොනවා හරි කරුමෙකට යන කොතනකදී හරි සර්පයෙක් දශ්ඨ කරොත් මොකද කරන්නේ කියලා දන්නවද?   

 

දශ්ඨ කරපු ගමන් එතැන රිදෙන්න ගන්නවා එ අස්සෙ සර්පයාව දැක්ක ගමන් කලබල වෙනවා එක ඉතින් නැචුරලී වෙන දේ බ්රෝ. හැබයි එහෙම කියලා කැගහගෙන දිව්වොත් පුති වැඩේ කෙල වෙනවා.හොදම දේ තමන්ට දශ්ඨ කරානන් මුලින්ම සර්පයාගෙන් ඈත්වෙන්න.නැත්තන් තව පාරක් සර්පයාගෙන් කරදර වෙන්න පුලුවන්.ඔබට දශ්ඨ කරා නන් පුලුවන් තරම් ඉක්මනට තව කෙනෙකුට දැනුම් දෙන්න.110 හො 1990 කතාකරලා උදව් ඉල්ලන්න.  

අනුග්‍රාහකත්වය

සර්පයා දශ්ඨ කරපු තැන පුලුවන් තරම් නොසොල්වා තියන්න.එ වගෙම දශ්ඨ කරපු තැන හාර්ට් එකේ මට්ටමට වඩා උඩින් තියාගන්න.එහෙම කරොත් විශ ඉක්මනින් පැතිරෙන එක අඩු කරගන්න පුලුවන්.එ වගේම දශ්ඨ කරපු තැන ඉක්මනට ඉදිමෙන්න පුලුවන් නිසා ඉක්මනට මුදු, වලලු වගේ දෙවල් තියෙනවා නම් ගලවන්න.

ඊට පස්සේ දශ්ඨ කරපු තැන වතුරෙන් පිරිසිදු කරන්න.හැබයි එතන තදින් අල්ලන්නත් එපා තද වතුර පහරකට අල්ලන්නත් එපා.ඊටපස්සේ පිරිසිදු රෙදිපටියකින් වහන්න. හැබයි ගැටගහන්න එපා.අයිස් තියන්නත් එපා.

විස උරන්න යන්නත් එපා,දශ්ඨ කරපු තැන කපන්න කොටන්න යන්නත් එපා.එවගෙම තේ, කෝපි , ඇල්කොහොල් යුස් කරන්නත් එපා.රිදෙන එක අඩුවෙන්න පුලුවන් නම් නියමිත විදියට පැරසිටමොල් දෙන්න .පුලුවන් තරම් ඉක්මනට ලගම තියෙන හොස්පිට්ල් එකට යන්න. මතක ඇතුව දශ්ඨ කරපු සර්පයගෙ හැඩරුව මතක තියාගන්න. පුලුවන් නම් ෆොන් එකෙන් ෆොටො එකක් ගන්න.

 

පහල ඉන්න සෙට් එකෙන් එකෙක් දශ්ඨ කරා කියන්නෙ ඉක්මනට හොස්පිට්ල් එකකට ගියේ නැත්තන් සොරීම තමයි.

තිත් පොළගා සර්පයෙක්  නාගයා - සර්පයෙක්

දෙපත් කලුවා සර්පයෙක්  මූදු කරවලා සර්පයෙක්

පොලොන් තෙලිස්සා සර්පයෙක්  තෙල් කරවලා සර්පයෙක්

 

ඔක්කොම විස්තරේ එක විඩියෝ එකකින් බලන්න. මතක ඇතුව අපේ ඉන්ස්ටග්‍රැම් අකවුන්ට් @broinfo එකත් ෆලෝ කරන්න.

 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න